Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දකුණු අප්‍රිකානුවෝ ශ්‍රී ලංකාව පරදවති

දකුණු අප්‍රිකානුවෝ ශ්‍රී ලංකාව පරදවති

editorial - 2020 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාවේදී ලබන 21 වැනිදා ආරම්භ වන කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගයකදී දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ ලකුණු 41 කින් ශ්‍රී ලංකා පිල පරාජය කිරීමට සමත් වූහ. මෙම තරගය අද (16) ඇඩිලේඞ්හිදී පැවැත්විණ.

ලකුණු 147 ක ජයග්‍රාහි ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කාන්තා පිලට ඕවර 20 දී කඩුලු 8 ක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 105 ක් පමණි.  අමා කාංචනා පන්දු 15 කින් හතරේ පහර දෙකක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 24 ක් රැස්කරමින් ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වූවාය.

ශ්‍රී ලංකා පිලේ නායිකාව වන චමරි අතපත්තු පන්දු තුනකින් ලකුණක් පමණක් රැස්කර දැවී යෑම ශ්‍රී ලංකා පිලට දැඩි පාඩුවක් බවට පත්විය.  

පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු පිල වෙනුවෙන් මරීෂාන්නි කාප් පන්දු 44 කින් හතරේ පහර තුනක් සහ හයේ පහරක් සමගින් ලකුණු 44 ක් රැස් කළාය. ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ මද වේග පන්දු යවන්නිය වන උදේෂිකා ප්‍රබෝධනි ඕවර හතරේදී ලකුණු අටකට කඩුලු දෙකක් දවාගැනීමට සමත් වූවාය.

පළමු වටයේ ‘ඒ’ කාණ්ඩයේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිල පළමු තරගයේදී නවසීලන්තයට එරෙහිව ලබන 22 වැනිදා තරග කිරීමට නියමිතය.    

ලකුණු පුවරුව

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම
ලිෂින්ලි ලී - ප. ප්‍රබෝදනි    0
ඩෙනි වෑන් නිකිර්ක් - ඇ. කුමාරි ප. ප්‍රබෝදනි    0
මරීෂාන්නි කාප් - ඇ. කාංචනා ප. අතපත්තු    44
මිත්නොන් ඩූ ප්‍රීස් - ඇ. අචිනි ප. කුමාරි    28
ලයුරා වොල්වාර්ට් - නොදැවී     38
සනී ලූස් - ප. අතපත්තු    7
චලොයි ටි්‍රයොන් - නොදැවී     23
අතිරේක    6
එකතුව ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී     146

කඩුලු වැටීම:
1-0(ලිෂින්ලි ලී), 2-4(ඩෙනි වෑන් නිකිර්ක්), 3-54(මිත්නොන් ඩූ ප්‍රීස්), 4-79(මරීෂාන්නි කාප්), 5-102(සනී ලූස්)

පන්දු යැවීම:
උදේෂිකා ප්‍රබෝධනි : 4-0-08-2, අචිනි කුලසූරිය : 3-0-29-0, සුගන්දිකා කුමාරි : 4-0-33-1, ශෂිකලා සිරිවර්ධන : 3-0-28-0, කවීෂා දිල්හාරි : 3-0-18-0, චමරි අතපත්තු : 3-0-28-2

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම
චමරි අතපත්තු - ඇ. චිට්ලි ප. ඛාකා    1
හසිනි පෙරේරා - ඇ. ඩී ක්ලෙර්ක් ප. ලූස්    22
හර්ෂිතා මාධවී - ඇ. ඩූ  ප්‍රීස් ප. වෑන් නිකිර්ක්    11
හංසිමා කරුණාරත්න - ඇ. වොල්වාර්ට් ප. ලූස්    1
නිලක්‍ෂි ද සිල්වා - ස්ටම්ප් චිට්ලි ප. ලූස්    10
අනුෂ්කා සංජීවනි - ඇ. චිට්ලි ප. මලබා    13
ශෂිකලා සිරිවර්ධන - ඇ. ටි්‍රයොන් ප. ලූස්    4
අමා කාංචනා - නොදැවී     24
කවීෂා දිල්හාරි - දුවද්දී දැවී ගියා     14
උමේෂා තිමාෂිනි - නොදැවී     2
අතිරේක     3
එකතුව ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී     105

කඩුලු වැටීම:
1-1(චමරි අතපත්තු), 2-34(හර්ෂිතා මාධවී), 3-36(හසිනි පෙරේරා), 4-36(හංසිමා කරුණාරත්න), 5-57(අනුෂ්කා සංජීවනි), 6-61(නිලක්‍ෂි ද සිල්වා), 7-66(ශෂිකලා සිරිවර්ධන), 8-88(කවීෂා දිල්හාරි)

පන්දු යැවීම:
නොන්කුලුලෙකෝ මල්බා : 4-0-15-1, අයාබොන්ගා ඛාකා : 3-0-05-1, ඩෙනි වෑන් නිකිර්ක් : 4-0-18-1, මසබාටා ක්ලාස් : 3-0-26-0, සනී ලූස් : 4-0-20-4, නදිනේ ඩී ක්ලර්ක් : 2-0-20-0

 

- 048


අදහස් (0)

දකුණු අප්‍රිකානුවෝ ශ්‍රී ලංකාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.