Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තිසර - ධනංජය යාපනය ස්ටැලියන්ස්ට ජය ගෙනෙති

තිසර - ධනංජය යාපනය ස්ටැලියන්ස්ට ජය ගෙනෙති

රොෂාන් ගුණරත්න - 2020 දෙසැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තිසර පෙරේරාගේ (68) සහ ධනංජය ද සිල්වාගේ (61) වේගවත් පිතිහරඹය හමුවේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 8 වැනි තරගයේදී මහනුවර ටස්කර්ස් පිලට එරෙහිව හම්බන්තොට මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 54 ක ජයක් හිමිකර ගැනීමට යාපනය ස්ටැලියන්ස් පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 186 ක ඉලක්කයක් හඹාගිය මහනුවර ටස්කර්ස් පිලට ඕවර 17.1 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 131 ක් පමණි.

බ්‍රෙන්ඩන් ටේලර් පන්දු 32 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 46 ක් රැස්කරමින් මහනුවර ටස්කර්ස් පිල වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය. අසේල ගුණරත්න පන්දු 24 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 31 ක් සහ කුසල් මෙන්ඩිස් පන්දු 9 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 20 ක් රැස්කිරීමට සමත්වූහ.

සෙසු පිතිකරුවන් දුර්වල ක්‍රීඩා විලාශයක නිරත වූ අතර ඔවුන්ට ලකුණු 10 සීමාව පසු කිරීමට යාපනය ස්ටැලියන්ස් පිලේ පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමි නොවූහ.
උස්මාන් ශින්වාරී ඕවර 3 ක් යවමින් ලකුණු 17 කට කඩුලු 3 ක් ද තිසර පෙරේරා, වනිඳු හසරංග සහ සුරංග ලක්මාල් කඩුලු 2 බැගින්ද දවාගනිමින් යාපනය ස්ටැලියන්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

 කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් යාපනය ස්ටැලියන්ස් පිල කඩුලු 8 ක් දැවී ලකුණු 185 ක් රැස්කිරීමට සමත්විය.

ධනංජය ද සිල්වා පන්දු 38 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 61 ක් සහ තිසර පෙරේරා පන්දු 28 කදී හයේ පහර සහ හතරේ පහර 5 බැගින් එල්ල කරමින් ප්‍රවේගකාරී ලකුණු 68 ක් රැස්කිරීමට සමත්විය.

ලකුණු 49 කට කඩුලු 4 ක් දැවී තිබියදී පස්වැනි කඩුල්ල සඳහා ධනංජය ද සිල්වා සහ තිසර පෙරේරා එක්ව පන්දු 47 කදී ලකුණු 118 ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ.

පළමු ඕවර 10 අවසන් වනවිට කඩුලු 4 කට ලකුණු 50 ක් රැස්කර සිටි යාපනය ස්ටැලියන්ස් පිල අවසන් ඕවර 10 තුලදී තවත් කඩුලු 4 ක් අහිමිකර ගනිමින් ලකුණු 135 ක් ලබාගැනීමට සමත්විය.

නවීන් උල් හක් ඕවර 4 කදී ලකුණු 44 කට කඩුලු 3 ක් දවාගත් අතර අසේල ගුණරත්න ඕවර 3 කදී ලකුණු 2 කට කඩුලු 2 ක් දවාගැනීමට සමත්විය.


යාපනය ස්ටැලියන්ස් - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 185
(ධනංජය ද සිල්වා 61, තිසර පෙරේරා 68, අසේල ගුණරත්න 20/2, නවීන් උල් හක් 44/3)

මහනුවර ටස්කර්ස් - ඕවර 17.1 කදී සියලුදෙනා දැවී 131
(කුසල් මෙන්ඩිස් 20, බ්‍රෙන්ඩන් ටේලර් 46, අසේල ගුණරත්න 31, උස්මාන් ශින්වාරී 17/3, තිසර පෙරේරා 9/2, වනිඳු හසරංග 17/2, සුරංග ලක්මාල් 27/2)

 


අදහස් (0)

තිසර - ධනංජය යාපනය ස්ටැලියන්ස්ට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.