Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඩෙන්ලි - ස්ටෝක්ස් එංගලන්තය ඔසවා තබති

ඩෙන්ලි - ස්ටෝක්ස් එංගලන්තය ඔසවා තබති

editorial - 2019 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පස්වැනි අළුබඳුන ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (14 වැනිදා) තේ පානය සඳහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි එංගලන්තය කඩුලු 2 ක් දැවී ලකුණු 193 ක් ලබා ඕස්ටේ්‍රලියාවට වඩා ලකුණු 262 ක් ඉදිරියෙන් සිටියේය.

තේ පානය සඳහා තරගය නතර කරන විට ආරම්භක පිතිකරු ජෝ ඩෙන්ලි ලකුණු 82 ක්ද, බෙන් ස්ටෝක්ස් ලකුණු 57 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව එංගලන්ත ඉනිමේ තෙවැනි කඩුල්ල සඳහා ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 106 කි.

මුලු ලකුණු සංඛ්‍යාව 54 ක් වන විට එංගලන්ත දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස රෝරි බර්න්ස් ලකුණු 20 කට දැවී ගියේ නේදන් ලයන්ගේ පන්දුවන් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ටිම් පේන් අතට උඩ පන්දුවක් දෙමිනි. නේදන්ගේම පන්දුවක් හමුවේ ස්ටීවන් ස්මිත් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට නායක ජෝ රූට් ලබා සිටියේ ලකුණු 21 ක් පමණි.

පළමු දිනය වූ ඊයේ (13 වැනිදා) එංගලන්ත කණ්ඩායමට පන්දුවට පහරදීමට හැකි වූයේ ඕවර 4 ක් පමණි. එහිදී රෝරි බර්න්ස් ලකුණු 4 ක්ද, ජෝ ඩෙන්ඩි එක් ලකුණක්ද ලබාගනිමින් සිය කඩුලු ආරක්ෂා කරගත්හ. දිනය නිමාවීමට පැය භාගයක් පමණ තිබියදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 225 කට සීමා කිරීමට ජොෆ්රා ආචර් ප්‍රමුඛ එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.

එහිදී සිය දෙවැනි හොඳම ටෙස්ට් පන්දු යැවීම ප්‍රදර්ශනය කළ ආචර්, ඕස්ට්‍රේලියානු ඉනිම අඩ පණ කළේ ලකුණු 83 ක් තුළ මුල් පිතිකරුවන් තිදෙනාම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යවමිනි. ඉන් නොනැවතුණ ඔහු මැද පෙළ සහ පසු පෙළ පිතිකරුවන්ටද සාර්ථක සම්බන්ධතා ගොඩනැගීමට ඉඩක් ලබා නොදුන්නේය.

එහිදී ආචර්ට අනගි සහායක් දුන් සෑම් කරන් ලකුණු 46 කට කඩුලු 3 ක් දවාගත් අතර එංගලන්ත කණ්ඩායමට අවශ්‍යම කඩුල්ල වූ ස්ටීවන් ස්මිත්ගේ කඩුල්ල බිඳහෙළණු ලැබුවේ ක්‍රිස් වෝක්ස් විසිනි. වෝක්ස්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් දැවීයන විට ස්මිත්, හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 80 ක් ලබා සිටියේය.

එම ඉනිමත් සමග ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පිට පිට ඉනිම් 6 කදී ලකුණු 75 සීමාව ඉක්මවා ගිය දෙවැනි ක්‍රීඩකයා බවට ස්මිත් පත් වූ අතර ඔහුට පෙර එවන් දක්ෂතාවක් දක්වා තිබුණේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ශ්‍රීමත් එවර්ටන් වීක්ස් පමණි.

මෙවර අළුබඳුන තරගාවලියේ තරග 4 කට සහභාගි වූ ස්මිත් ඉනිම් 6 කදී ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 751 කි. ඔහු ටෙස්ට් තරග 4 කදී ලකුණු 700 සීමාව ඉක්මවා ගිය දෙවැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර 2015 වසරේදී ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරග 4 දී ලකුණු 769 ක් රැස්කිරීමටද ඔහු සමත්ව තිබේ.

තවද අළුබඳුන ඉතිහාසයේ පිට පිට ඉනිම් 10 කදී වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා ලෙස ලකුණු 1236 ක් ලබාගනිමින් ශ්‍රීමත් ඩොන් බ්‍රැඞ්මන් පිහිටුවා තිබූ වාර්තාව බිඳ දැමීමටද මෙම තරගයේදී ස්මිත් සමත් විය. ඒ 2017 වසරේ පැවැති අළුබඳුන තරගාවලියේ අවසන් ඉනිම් හතරේදී සහ මෙවර අළුබඳුන තරගාවලියේ මෙතෙක් ක්‍රීඩා කර ඇති ඉනිම් හයේදී ලකුණු 1251 ක් රැස්කරමිනි.


එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 294
(රොරී බර්න්ස් 47, ජෝ රූට් 57, බෙන් ස්ටෝක්ස් 20, ජොනී බෙයාර්ස්ටෝ 22, ජොස් බට්ලර් 70, ජැක් ලීච් 21, අළුබඳුන ක්‍රිකට් 46/5, පැට් කමින්ස් 84/3, ජොෂ් හෙසල්වුඞ් 76/2)

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 225
(මානස් ලැබුචේන් 48, ස්ටීවන් ස්මිත් 80, මැතිව් වේඞ් 19, මිචෙල් මාෂ් 17, පීටර් සීඞ්ල් 18, නේදන් ලයන් 25, ජොෆ්රා ආචර් 62/6, සෑම් කරන් 46/3)

එංගලන්ත දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 193
(රොරී බර්න්ස් 20, ජො ඩෙන්ලි නොදැවී 82, ජෝ රූට් 21, බෙන් ස්ටෝක්ස් නොදැවී 57, නේදන් ලයන් 46/2)

-036

 


අදහස් (0)

ඩෙන්ලි - ස්ටෝක්ස් එංගලන්තය ඔසවා තබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.