Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket චන්දිමාල් - මැතිව්ස් ශතක ලබති

චන්දිමාල් - මැතිව්ස් ශතක ලබති

editorial - 2021 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කණ්ඩායම් දෙකකට බෙදී අද (19 වැනිදා) කොළඹ ක්‍රිකට් සමාජ (සී.සී.සී.) ක්‍රීඩාංගණයේදී ක්‍රීඩා කළ පෙරහුරු එක්දින තරගය ජය පැරදුමකින් තොරව නිමාවට පත්විය.

දසුන් ශානකගේ කණ්ඩායමට එරෙහිව දිමුත් කරුණාරත්නගේ කණ්ඩායම තරග වැදුන එම තරගයේදී දිනේෂ් චන්දිමාල් (නොදැවී 149) සහ ඇන්ජලෝ මැතිව්ස් (121) ශතක ලබාගත් අතර වනිඳු හසරංග (නොදැවී 80), දසුන් ශානක (51) සහ ඕෂධ ප්‍රනාන්දු (57) අර්ධ ශතක ලබාගත්හ.

චන්දිමාල්ගේ ඉනිම හයේ පහර 5 කින් සහ හතරේ පහර 14 කින් සමන්විත වූ අතර ඔහුගේ ලකුණු 149 ට මුහුණ දුන්නේ පන්දු 123 කට පමණි. මැතිව්ස්ගේ පන්දු 128 ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර 11 කින් සමන්විත විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් දසුන් ශානකගේ කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 321 ක් ලබාගත් අතර ඊට පිළිතුරු වශයෙන් දිමුත් කරුණාරත්නගේ කණ්ඩායමට ඕවර 45 ක් අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 258 ක් පමණි.


දසුන් ශානකගේ පිල - ඕවර 50 කදී කඩුලු 5 කට 321
(දිනේෂ් චන්දිමාල් නොදැවී 149, වනිඳු හසරංග නොදැවී 80, දසුන් ශානක 51, ළහිරු කුමාර 60/2, රමේෂ් මෙන්ඩිස් 56/2)

දිමුත් කරුණාරත්නගේ පිල- ඕවර 45 කදී කඩුලු 8 කට 258
(ඇන්ජලෝ මැතිව්ස් 121, ඕෂධ ප්‍රනාන්දු 57, තිසර පෙරේරා 33, පැතුම් නිස්සංක 18, නුවන් ප්‍රදීප් 23/3, වනිඳු හසරංග 64/2)


-036

 


අදහස් (0)

චන්දිමාල් - මැතිව්ස් ශතක ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.