Last Update  :  2024-04-22 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket චක්‍රවර්ති - කමින්ස් දිල්ලි පිතිකරුවන් දණගස්වති

චක්‍රවර්ති - කමින්ස් දිල්ලි පිතිකරුවන් දණගස්වති

editorial - 2020 ඔක් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වරුන් චක්‍රවර්තිගේ සහ පැට් කමින්ස්ගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව සෙනසුරාදා (25 වැනිදා) අබුඩාබිහිදී පැවැති අයි.පී.එල්. තරගයෙන් ලකුණු 59 ක පහසු ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 195 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ අජින්ක්‍යා රහනේ (0) සහ ශිකර් ධවාන් (6), මුලු ලකුණු සංඛ්‍යාව 13 ක් වන විට පිටියෙන් ඉවත් කිරීමට පැට් කමින්ස් සමත් විය. ඉන් අනතරුව ක්‍රියාත්මක වූ වරුන් චක්‍රවර්ති ලකුණු 20 කට කඩුලු 5 ක් බිඳහෙළමින් දිල්ලි ඉනිම සුනුවිසුණු කර දැමුවේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට ආරම්භක පිතිකරු නිටිෂ් රානා (81) සහ සුනිල් නරේන් (64) සමත් වූහ. පන්දු 53 කට මුහුණදුන් රානා හයේ පහරකින් සහ හතරේ පහර 13 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 32 කදී වාර්තා වූ නරේන්ගේ ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර 6 කින් සමන්විත විය.

‍‍‍‍මේ අතර සෙනසුරාදා පැවැති තවත් තරගයකදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව ලකුණු 12 ක ජයක් වාර්තා කිරීමට කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සමත් විය. එහිදී ජයග්‍රහණය සඳහා ලකුණු 128 ක පහසු ඉලක්කයක් හඹාගිය හයිද්‍රබාද් කණ්ඩායම, ලකුණු 114 කට සීමා කිරීමට පුරෝගාමී වූ ක්‍රිස් ජෝර්ඩ්න් සහ අර්ෂ්දීපී සිං කඩුලු 3 බැගින් දවාගත්හ.

කොල්කටා පිලට ලකුණු 59 ජයක්

කොල්කටා නයිට්රයිඩර්ස් - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 194

(නිටිෂ් රානා 81, සුනිල් නරේන් 64, ඔයින් මෝගන් 17, ඇන්රික් නොයේ 27/2, කගිසෝ රබාඩා 33/2, මාකස් ස්ටොයිනිස් 41/2)

දිල්ලි කැපිටල්ස් - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 135

(ශ්‍රෙයාස් අයියර් 47, රිෂාබ් පාන්ට් 27, රවිචන්ද්‍රන් අෂ්වින් 14, වරුන් චක්‍රවර්ති 20/5, පැට් කමින්ස් 17/3)


පන්ජාබ් පිලට ලකුණු 12 ක ජයක්

කිංග්ස් XI පන්ජාබ් - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 126

(ලොකේෂ් රාහුල් 27, මන්දීප් සිං 17, ක්‍රිස් ගේල් 20, නිකලස් පූරන් නොදැවී 32, රෂීඩ් ඛාන් 14/2, ජේසන්‍ හොල්ඩර් 27/2, සන්දීප් ශර්මා 29/2)

සන්රයිසස් හයිද්‍රාබාද් - ඕවර 19.5 කදී සියලු දෙනා දැවී 114

(ඩේවිඩ් වෝනර් 35, ජොනී බෙයාස්ටෝ 19, මනීෂ් පාණ්‍ඩේ 15, විජේ ශංකර් 26, ක්‍රිස් ජෝඩාන් 17/3, අර්ෂ්දීප් සිං 23/3)

-036


අදහස් (0)

චක්‍රවර්ති - කමින්ස් දිල්ලි පිතිකරුවන් දණගස්වති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.