Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොදෙව් පළමු ඉනිම ලකුණු 318 කට සීමා වෙයි

කොදෙව් පළමු ඉනිම ලකුණු 318 කට සීමා වෙයි

editorial - 2020 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර සදම්ප්ටන්හී රොස් බෝල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයවූ අද (10 වැනිදා) සිය පළමු ඉනිම සඳහා පන්දු පහරදුන් කොදෙව් කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 318 ක් රැස්කිරීමට සමත්විය. අනුව එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 114 ක් ඉදිරියෙන් සිටීමට කොදෙව් කණ්ඩායම සමත්විය.

එංගලන්ත වේගපන්දු යවන්නන් හමුවේ ඉතා ආරක්‍ෂාකාරී ලෙස පන්දුවට පහරදුන් කොදෙව් පිතිකරුවෝ තෙවැනි දිනයේ පෙරවරුවේදී වැඩි ගෞරව දිනාගනිමින් කඩුලු 2 කට ලකුණු 102 ක් රැස්කළේය. දිවා ආහාරයත් තේ පානයක් අතර කාළයේදී තවත් කඩුලු 2 ක් අහිමිකරගත් ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 76 ක් පමණි. තේ පානයෙන් පසු පන්දුවට පහරදීමට පැමිණි කොදෙව් කණ්ඩායමේ අවසන් කඩුලු 5 ලකුණු 83 ක් තුල බිඳ හෙලීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත්වූහ. 

දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 59 ක සම්බන්ධතාවයක් ගොඩනඟමින් සිටියදී ෂායි හෝප් දවාගැනීමට ඩොම් බෙස් සමත්විය. පන්දු 64 කට මුහුණදුන් ෂායි හෝප්ස්, එංගලන්ත නාකයකයා වූ බෙන් ස්ටෝක්ස් අතට උඩපන්දුවක් දෙමින් දැවීයන විට හතරේ පහරක් සමගින් රැස්කිරීමට හැකිවූයේ ලකුණු 16 ක් පමණි.

බෙන් ස්ටෝක්ස්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවීයන විට මිනිත්තු 184 ක කාළයක් පුරා පන්දු 125 කට මුහුණ දුන් ක්‍රෙග් බ්‍රැත්වේයිට් ලකුණු 65 ක් ලබාගැනීමට සමත්විය. ඔහුගේ අර්ධ ශතකය සඳහා හතරේ පහර 6 ක් ඇතුළත් විය.

ලකුණු 39 ක් රැස්කර සිටි ශාමර් බෘක්ස් පිටියෙන් ඉවත්කරමින් සිය දෙවැනි කඩුල්ල ලබාගැනීමට ජේම්ස් ඇන්ඩර්සන් සමත්වූ අතර ජර්මේන් බ්ලැක්වුඞ් ලකුණු 12 කට දවාගනිමින් ඩොම් බෙස්ද සිය දෙවැනි කඩුල්ල ලබාගැනීමට සමත්විය.

පන්දු 142 කට මුහුණදුන් රොස්ටන් චේස් ලකුණු 47 කට සීමා කිරීමට ජේම්ස් ඇන්ඩර්සන් සමත්වූ අතර ලකුණු 61 ක් රැස්කර සිටි ෂේන් ඩොව්රිච්, බෙන් ස්ටෝක්ස්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. ඩොව්රිච් දැවීයන විට පන්දු 115 කට මුහුණදී සිටි අතර හතරේ පහර 8 ක් ඔහුගේ ඉනිමට ඇතුළත් විය.

බෙන් ස්ටෝක්ස් කඩුලු 4 ක්, ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු 3 ක් සහ ඩොම් බෙස් කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

තෙවැනි දිනය වූ අද (10 වැනිදා) තරගය අවසන් කරන විට සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 15 ක් රැස්කර සිටියේය.

එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 204  
(රෝරි බර්න්ස් 30, ජෝ ඩෙන්ලි 18, බෙන් ස්ටෝක්ස් 43, ඔලී පෝප් 12, ජොස් බට්ලර් 35, ඩොමිනික් බෙස් නොදැවී 31, ජේසන් හෝල්ඩර් 42/6, ශැනන් ගේබි්‍රයල් 62/4) 

බ.ඉ.කොදෙව් පළමු ඉනිම - සියලු දෙනා දැවී 318
(ක්‍රෙග් බ්‍රැත්වේට් 65, ජෝන් කැම්බල් 28, ශාමර් බෘක්ස් 39, රොස්ටන් චේස් 47, ෂේන් ඩොව්රිච් 61, බෙන් ස්ටෝක්ස් 62/3, ජේම්ස් ඇන්ඩර්සන් 62/3, ඩොම් බෙස් 51/2)

එංගලන්ත දෙවැනි ඉනිම - කිසිවකු නොදැවී 15

-2079

 


අදහස් (0)

කොදෙව් පළමු ඉනිම ලකුණු 318 කට සීමා වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.