Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොදෙව් කමිසයට බී.එල්.එම්. ලාංඡනය එයි

කොදෙව් කමිසයට බී.එල්.එම්. ලාංඡනය එයි

editorial - 2020 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කළු ජාතිකයන්ගේ එකමුතුබව ලෝකය හමුවේ පෙන්වීම සඳහා එංගලන්තයට එරෙහිව ලබන මාසයේදී ආරම්භවන ටෙස්ට් තරගාවලියේදී බී.එල්.එම් (කළු ජිවීතත් වටිනවා) ලාංඡනය කමිසයේ පැළඳ ක්‍රීඩා කිරීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම තීරණය කර තිබේ. එංගලන්ත ප්‍රීමියර් ලීග් පාපන්දු තරගාවලියේ ක්‍රීඩකයන් අනුගමනය කරමින් කොදෙව් කණ්ඩායම මෙම තීරණය ගෙන තිබේ.

ටෙස්ට් තරග 3 කට ක්‍රීඩා කරන කොදෙව් පිල ජූලි 8 වැනිදා සදම්ප්ටන්හි ‘ඒජස් බෝල්’ ක්‍රීඩාංගණයේදී  පළමු ටෙස්ට් තරගයට සහභාගී වෙයි.

කෙදෙව් ක්‍රීඩකයන් විසින් ගන්නා ලද මෙම තීරණයට එංගලන්ත ටෙස්ට් පිලේ ස්ථිර නායකයා වන ජෝ රූට්ගේ මෙන්ම තාවකාලික නායකයා වන බෙන් ස්ටෝක්ස්ගේත් සම්පූර්ණ සහයෝගය පළවී තිබේ.

“කළු ප්‍රජාවට සහයෝගය දැක්වීම වැදගත්. ඒ වගේම සමානාත්මතාවය සහ යුක්තිය යන මාතෘකා පිළිබඳව දැනුවත් කිරීමක් ඇති කිරීමත් වැදගත්” යයි එංගලන්ත සංචිතය වෙනුවෙන් අදහස් දක්වමින් නායක ජෝ රූට් පැවසීය.

පසුගිය මාසයේදී අප්‍රිකානු - ඇමෙරිකානු සම්භවයක් ඇති ජෝර්ජ් ෆ්ලොයිඞ් ඇමෙරිකානු පොලිස් භාරයේ සිටියදී මියයෑමෙන් පසුව කළු ජාතිකයන්ගේ ජීවිතත් වටිනවා යන අරුත ඇති බ්ලැක් ලයිව්ස් මටර් හෙවත් බී.එල්.එම්. ලාංචනය නිර්මාණය කෙරිණ. “කළු” යන වචනයේ ‘ඒ’ අක්ෂරය වෙනුවට තදින් අත මිට මොලවා සිටින ලාංඡනය නිර්මාණය කරනු ලැබ ඇත්තේ අලීෂා හොසන්නා විසිනි.

ක්‍රිකට් ක්‍රීඩාවට සහ බටහිර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා ඉතිහාසයේ මෙය වැදගත් අවස්ථාවක් බව බටහිර ඉන්දීය කොදෙව් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

“අපි එංගලන්තයට පැමිණියේ විස්ඩන් කුසලානය රඳවා ගැනීමටයි. නමුත් ලොව පුරා සිදුවන සිදුවීම්, යුක්තිය සහ සමානාත්මතාවය සඳහා වන සටන පිළිබඳව අපි හොඳින් දැන සිටිනවා... සහයෝගිතාවය පෙන්වීම සහ දැනුවත්භාවය ඉහළ නැංවීම සඳහා අපට යුතුකමක් ඇතැයි අපි විශ්වාස කරනවා” යයිද ක්‍රීඩකයින්ට සහ කාන්තාවන්ට ඔවුන්ගේ මතයට බලපෑම් කළ හැකි අතර වෙනසක් සඳහා බලවේගයක් විය හැකි බවද කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩල නිවේදනයේ සටහන් වේ.

“අපේ තීරණය අපි සැහැල්ලුවට ගත්තේ නෑ” යයි කොදෙව් නායක ජේසන් හෝල්ඩර් කියයි.
”අපගේ සමේ පැහැය නිසා මිනිසුන් තීන්දු තීරණ ගන්නා ආකාරය කුමක්දැයි අපි දන්නවා. එබැවින් එය දැනෙන්නේ කොහොමද කියලා අපි දන්නවා. මෙය සීමාවෙන් ඔබ්බට යනවා.”

“සමානාත්මතාවය තිබිය යුතු අතර සමගියද තිබිය යුතුයි. මිනිසුන් වශයෙන් අපට එය ලැබෙන තුරු අපට නතර වෙන්න බෑ” යයිද කෙදෙව් නායකයා පැවසීය.

එංගලන්තයේ පාපන්දු තරගාවලිය නැවත ආරම්භ කිරීමෙන් පසුව පළමු තරඟ 12 සඳහා බී.එල්.එම් ලාංඡනය කමිසයේ පිටුපස පැළඳීමට ප්‍රිමියර් ලීග් සංවිධායකයින් ගත් පියවර පිටුපස ක්‍රීඩකයෝ එක්ව සිටියහ.

- 2079


අදහස් (0)

කොදෙව් කමිසයට බී.එල්.එම්. ලාංඡනය එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.