Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කේරී - මැක්ස්වෙල් ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙති

කේරී - මැක්ස්වෙල් ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙති

editorial - 2020 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇලෙක්ස් කේරී (106) සහ ග්ලෙන් මැක්ස්වෙල්ගේ (108) විශිෂ්ඨ පිතිහරඹය හමුවේ සත්කාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව 2-1 ක තරගාවලි ජයක් හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්විය. මැන්චෙස්ටර්හිදී ඊයේ (16 වැනිදා) පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගය කඩුලු 3 කින් ජයගත් ඕස්ට්‍රේලියාවට අයි.සී.සී. ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලිය යටතේ පැවැති මෙම තරගාවලියේදී ප්‍රසාද ලකුණු 20 ක් හිමිවිය. එංගලන්තයට ප්‍රසාද ලකුණු 10 ක් හිමිවිය.

ප්‍රසාද ලකුණු 30 ක් හිමිකරගෙන සිටින එංගලන්තය මේ වනවිට අයි.සී.සී. ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලියේ පෙරමුණ ගැනීමට සමත්වී ඇති අතර ප්‍රසාද ලකුණු 20 ක් ලබාගත් ඕස්ට්‍රේලියාව දෙවැනි ස්ථානයේ පසුවන්නේය. ප්‍රසාද ලකුණු 10 ක් හිමිකර ගෙන ඇති අයර්ලන්තය තෙවැනි ස්ථානයේ පසුවන අතර අනෙක් කණ්ඩායම් 10 තවමත් කිසිදු තරගයකට සහභාගිවී නොමැත.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය ඕවර 50 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 302 ක් රැස්කිරීමට සමත්විය. ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ ජොනී බෙයාර්ස්ටෝ පන්දු 126 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 12 ක් සමගින් ලකුණු 112 ක් රැස්කිරීමට සමත්විය.

ලකුණු 96 කට කඩුලු 4 ක් දැවී තිබියදී 5 වැනි කඩුල්ල සඳහා එක්වූ ජොනී බෙයාර්ස්ටෝ සහ සෑම් බිලිංග්ස් පන්දු 118 කදී ලකුණු 114 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ.

මැද පෙළ පිතිකරුවන්වූ සෑම් බිලිංග්ස් සහ ක්‍රිස් වෝක්ස් අර්ධ ශතක ලබාගනිමින් එංගලන්ත ලකුණු පුවරුව 300 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්වූහ. සෑම් බිලිංග්ස් පන්දු 58 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 57 ක් රැස්කළ අතර ක්‍රිස් වෝක්ස් පන්දු 39 කදී හතරේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 53 ක් ලබාගත්තේය.
ඇඩම් සම්පා සහ මිචෙල් ස්ටාර්ක් කඩුලු 3 බැගින් බිඳ හෙළීමට සමත්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 303 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියාව ඕවර 49.4 කදී කඩුලු 7 ක් දැවී ඉලක්කය පසු කිරීමට සමත්විය. ඇලෙක්ස් කේරී පන්දු 114 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 106 ක් රැස්කළ අතර ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 90 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 108 ක් රැස්කිරීමට සමත්විය.

ලකුණු 73 කට කඩුලු 5 ක් දැවී තිබියදී 6 වැනි කඩුල්ල සඳහා පන්දු 184 කදී ලකුණු 212 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා රැගෙන යාමට ඇලෙක්ස් කේරී සහ ග්ලෙන් මැක්ස්වෙල් සමත්වූහ.

ක්‍රිස් වෝක්ස් සහ ජෝ රූට් කඩුලු 2 බැගින් බිඳ දැමූවද එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.


එංගලන්තය - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 302
(ජොනී බෙයාර්ස්ටෝ 112, ඔයින් මෝගන් 23, සෑම් බිලිංග්ස් 57, ක්‍රිස් වෝක්ස් නොදැවී 53, ඇඩම් සම්පා 51/3, මිචෙල් ස්ටාර්ක් 74/3)

ඕස්ට්‍රේලියාව - ඕවර 49.4 කදි කඩුලු 7 ක් දැවී 305
(ඩේවිඩ් වෝනර් 24, මානස් ලැබුස්චේන් 20, ඇලෙක්ස් කේරී 106, ග්ලෙන් මැක්ස්වෙල් 108, ක්‍රිස් වෝක්ස් 46/2, ජෝ රූට් 46/2)


- 2079

 


අදහස් (0)

කේරී - මැක්ස්වෙල් ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.