Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කේන් විලියම්සන් යළිත් 900 කඩයිම පනී

කේන් විලියම්සන් යළිත් 900 කඩයිම පනී

editorial - 2021 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානයට එරෙහිව ක්‍රිස්චර්ච්හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ද්විත්ව ශතකයක් (238) ලබාගත් නවසීලන්ත නායක කේන් විලියම්සන් ශ්‍රේණිගත ලකුණු 919 ක් ලබාගනිමින් සිය ටෙස්ට් දිවියේ ලබාගත් ඉහළම ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව වාර්තා කළේය. මේ වනවිට ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්හී පෙරමුණෙහි පසුවන විලියම්සන් මෙතෙක් කාලයක් තුල නවසීලන්තය වෙනුවෙන් ඉහළම ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාවක් ලබාගත් පිතිකරුවා විමටද සමත්විය.

දෙවැනි තරගයේදී ඉනිමක සහ ලකුණු 176 ක ජයක් වාර්තා කිරීමෙන් පසුව 2-0 ක තරගාවලි ජයග්‍රහණයක් කරා කණ්ඩායම මෙහෙයවූ කේන් විලියම්සන් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත්තේය.

ශ්‍රේණිගත ලකුණු 919 ක් ලබාගත් විලියම්සන් 2018 දෙසැම්බර් මාසයේදී වාර්තා කළ ඉහළම ශ්‍රේණිගත ලකුණු 915 සීමාව පසුකර ගියේය. අයි.සී.සී. විශිෂ්ඨයන්ගේ නාමාවලියට එක්ව සිටින හිටපු වේගපන්දු යවන ක්‍රීඩක රිචඞ් හැඞ්ලි ශ්‍රේණිගත ලකුණු 909 ක් ලබාගනිමින් නවසීලන්තය වෙනුවෙන් ශ්‍රේණිගත ලකුණු 900 සීමාව පසුකළ එකම පන්දු යවන්නා වන්නේය. 1985 දෙසැම්බර් මාසයේදී ඔහු එම දස්කම කිරීමට සමත්විය.

ඕස්ටේ්‍රලියාව සහ ඉන්දියාව අතර සිඞ්නිහිදී පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන් අනතුරුව යාවත්කාලීන කරන ලද ටෙස්ට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් වලින් අනතුරුව ශතකයක් (131) සහ අර්ධ ශතකයක් (81) ලබාගත් ස්ටීවන් ස්මිත් ඉන්දියාවේ විරාට් කෝලී පසුපසට ඇද දමමින් පිතිකරු ශ්‍රේණිගත කිරීම්හී දෙවැනි ස්ථානයට පැමිණ ඇත. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ජොහැන්නස්බර්ග්හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් අනතුරුව ශතකයක් (127 සහ 31) සමගින් ලකුණු 158 ක් ලබාගත් ඩීන් එල්ගා ස්ථාන 7 ක් ඉදිරියට පැමිණෙමින් 13 වැනි ස්ථානය දක්වා පැමිණ තිබේ. දෙවැනි ටෙස්ට් තරගයේදී ශතකයක් ලබාගත් දිමුත් කරුණාරත්න ස්ථාන දෙකක් ඉදිරියට පැමිණෙමින් 15 වැනි ස්ථානයේ රැඳී සිටින අතර කුසල් පෙරේරා ස්ථාන 4 ක් ඉදිරියට පැමිණෙමින් 56 වැනි ස්ථානය දක්වා ඉහළ පැමිණ ඇත.

දසුන් ශානක ස්ථාන 8 ක් ඉදිරියට පැමිණෙමින් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හී 63 වැනි ස්ථානයේ රැඳී සිටින්නේය.

- 2079


අදහස් (0)

කේන් විලියම්සන් යළිත් 900 කඩයිම පනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.