Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කුසල් මෙන්ඩිස්ට සති 6ක විවේකයක්

කුසල් මෙන්ඩිස්ට සති 6ක විවේකයක්

යොහාන් භාසුර - 2019 සැප් මස 09 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ඉදිරි පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස්ට ආබාධයක් හේතුවෙන් සති 6ක පමණ කාලයක් විවේක ගන්නා ලෙස වෛද්‍ය උපදෙස් ලැබී තිබේ. ඒ හේතුවෙන් කුසල් මෙන්ඩිස්ට පාකිස්තානු සංචාරය සම්පූර්ණයෙන් අහිමිවේ.

නවසීලන්තයට එරෙහිව පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි විස්සයි20 තරගයේදී උඩ පන්දුවක් රැකගැනීමට යෑමේදී කුසල් දණහිස ආබාධයකට ලක්වූ අතර ඒ හේතුවෙන් ඔහුට අවසන් තරගයට සහභාගි වීමට ද නොහැකි විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ ආබාධය හේතුවෙන් මෙන්ඩිස්ට පාකිස්තානු සංචාරය අහිමි වන බවයි.

“ඔහුට ආබාධය සුවවෙන්න සති හයක් විතර විවේක ගන්න කියලා තියෙනවා. ඒ  නිසා ඔහුට තව මාස දෙකකට ආසන්න කාලයක් ක්‍රීඩා කරන්න බැරි වෙයි” යැයි ඈෂ්ලි මහතා වැඩි දුරටත් පැවසීය. 

 

 


අදහස් (1)

කුසල් මෙන්ඩිස්ට සති 6ක විවේකයක්
  • Sugath Tuesday, 10 September 2019 04:20 AM

    අාබාධය කුමක්ද කියා බලන්න. විවේකය බොහෝම වැඩියි. ආයෙත් බින්දු පරපුරට පාර කපන වැඩක්.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.