Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රිකට් වෙනුවෙන් ආත්මීය කැපවීමේ සම්මානය හෝල්ඩර්ගේ කොදෙව් පිලට

ක්‍රිකට් වෙනුවෙන් ආත්මීය කැපවීමේ සම්මානය හෝල්ඩර්ගේ කොදෙව් පිලට

editorial - 2020 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

කොරෝනා වයිරස් වසංගතය ලෝ පුරා පැතිර යමින් තිබියදීත් බටහිර ඉන්දීය කොදෙව්වන් ඔවුන්ගේ පිරිමි සහ කාන්තා කණ්ඩායම් එංගලන්තයට යැවීම නිසා මේ වසරේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කරනු ලැබූ ආත්මීය කැපවීම වෙනුවෙන් පිරිනැමෙන සම්මානය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම් දෙකට හිමිවන බව මාලිබෝන් ක්‍රිකට් සමාජය නිවේදනය කරයි.

ජෛව ආරක්ෂිත ගෝලයක පැවති ටෙස්ට් තරග 3 ක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් (පිරිමි) කණ්ඩායම ජුනි මාසයේදී එංගලන්තයට ගියේය.
 
කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීය ක්‍රීඩා දින දර්ශනය පසුගිය මාර්තු මාසයේදී එකතැන නතර වූ නමුත් කොදෙව් පිලේ එංගලන්ත සංචාරයත් සමගින් ජාත්‍යන්තර ක්‍රීඩාව නැවත ආරම්භ වූයේය. ඉන් පසුව මෙම ජෛව ආරක්ෂිත ගෝලය යොදා ගනිමින් එංගලන්තයේ සහ ජර්මනියේත් පාපන්දු තරග පැවැත්විණ.

කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දියාවට සහ දකුණු අප්‍රිකාවට තමන්ගේ සංචාර ක්‍රියාත්මක කිරීමට නොහැකිවූ නමුත් බටහිර ඉන්දීය කාන්තා කණ්ඩායම පසුගිය සැප්තැම්බර් මාසයේදී එංගලන්තයේදී විස්සයි20 ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී විය.

”(කොරෝනා වසංගතයේ බලපෑම තිබියදීත්) ක්‍රිකට් ක්‍රීඩාව අපට මහත් සහනයක් ගෙන දුන් වසරකදී.... එංගලන්තයේ සංචාරය කිරීමට බටහිර ඉන්දීය කොදෙව් පිල ගත් තීරණය ක්‍රිකට් ක්‍රීඩකයන් වශයෙන් ඔවුන් විසින් පෙන්වන ලද ධෛර්යවන්තකම මෙන්ම ක්‍රීඩාව වෙනුවෙන් කරනු ලබන ආත්මීය කැපවීම සැබවින්ම මූර්තිමත් කරන පියවරක්...... ඒ නිසා එංගලන්තයේ සංචාරය කිරීමට බටහිර ඉන්දීය කොදෙව් පිල ගත් තීරණය වෙනුවෙන්ම, ඔවුන්ගේ පිරිමි සහ කාන්තා කණ්ඩායම් මෙම ආත්මීය කැපවීමේ සම්මානයට සම්පූර්ණයෙන්ම සුදුසුයි” යයි මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති කුමාර් සංගක්කාර මහතා පැවසීය.

තම රටවල ක්‍රිකට් ආයතන විසින් තම කණ්ඩායම්වලට එංගලන්තයේ ක්‍රීඩා කිරීමට ඉඩදීම පිළිබඳව ක්‍රිකට් ක්‍රීඩාවේ නීති වල භාරකරු සහ පසිඳලන්නා ලෙස කටයුතු කරන මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය පාකිස්තානය, අයර්ලන්තය සහ ඕස්ටේ්‍රලියාව යන රටවලටද ප්‍රශංසා කළේය.

ජේසන් හෝල්ඩර් නායකත්වය දරන බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් කණ්ඩායම පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ක්‍රිකට් ලේඛකයින්ගේ සමාජයෙන් සම්මානයක් දිනා ගත්තේය.

 

- 2079

 

 


අදහස් (0)

ක්‍රිකට් වෙනුවෙන් ආත්මීය කැපවීමේ සම්මානය හෝල්ඩර්ගේ කොදෙව් පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.