Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රිකට් ආයතන පිලේ නායකත්වය තරංගට

ක්‍රිකට් ආයතන පිලේ නායකත්වය තරංගට

editorial - 2020 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව මේ මස 17 වැනිදා කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු පෙරහුරු තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සංචිතයේ නායකත්වය උපුල් තරංගට හිමිව තිබේ.

ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් සමන්විත මෙම සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩකයන් වන කමිඳු මෙන්ඩිස් සහ ශිරාන් ප්‍රනාන්දු ඇතුළත්ව සිටියද, ඩෙංගු උණ වැළඳීම හේතුවෙන් කමිඳුටද, ආබාධයක් හේතුවෙන් ශිරාන්ටද එම අවස්ථාව අහිමිවී තිබේ.

ඔවුන් දෙදෙනා වෙනුවට කඩුලු රකින ක්‍රීඩක සදීර සමරවික්‍රමට සහ තුන් ඉරියව් ක්‍රීඩක තික්ෂිල ද සිල්වාට සංචිතයේ ස්ථාන හිමිව තිබේ.


ශ්‍රී ලංකා සංචිතය
උපුල් තරංග (නායක), සඳුන් වීරක්කොඩි, පැතුම් නිස්සංක, සදීර සමරවික්‍රම, අසේල ගුණරත්න, ඇන්ජලෝ පෙරේරා, අෂේන් බණ්ඩාර, දිල්ෂාන් මධුෂංක, අසිත ප්‍රනාන්දු, තික්ෂිල ද සිල්වා, සචිඳු කොළඹගේ, තරිඳු කෞෂාල්, පුලින තරංග, චාමික ගුණසේකර, කවිඳු නදීෂාන් සහ ළහිරු උදාර


-036

 


අදහස් (2)

ක්‍රිකට් ආයතන පිලේ නායකත්වය තරංගට
  • Prasanna Bandara Saturday, 15 February 2020 08:57 AM

    සචිත්‍ර සේරසිංහට අවස්ථාවක් දුන්නනම් හොඳයි. පුහුණු තරගයක්වත් දිය යුතුයි.

    Reply 0       0

    Nalin Perera Saturday, 15 February 2020 09:49 AM

    උපුල් තරංග හොඳ අත්දැකීම් ඇති ක්‍රීඩකයෙක්. ඒ නිසා මෙය හොඳ තීරණයක්.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.