Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ටේ‍්‍රලියාව 1 ට එයි, ඉන්දියාව ඇද වැටෙයි

ඕස්ටේ‍්‍රලියාව 1 ට එයි, ඉන්දියාව ඇද වැටෙයි

ශනුක අරවින්ද - 2014 මැයි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ ටෙස්ට් සහ එක්දින ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කිරීම අනුව  ඕස්ටේ‍්‍රලියාව නැවත වරක් ටෙස්ට් සහ එක්දින යන අංශ දෙකේම පළමු ස්ථානයට පැමිණ තිබේ. ඒ අතර ප‍්‍රබල ඉන්දීය පිල ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ තෙවැනි ස්ථානයේ සිට පස්වැනි ස්ථානය දක්වා පහතට තල්ලූ වී තිබේ.

ශ්‍රී ලංකාව තව දුරටත් එක්දින ශ්‍රේණිගත කිරීමේ තෙවැනි ස්ථානය රැකගෙන සිටින නමුත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ හත්වැනි ස්ථානයේ පසු වෙයි.

ඕස්ටේ‍්‍රලියාව 2008 වසරේ දෙසැම්බර් මාසයෙන් පසුව ටෙස්ට් සහ එක්දින ශ්‍රේණිගත කිරීම් දෙකෙහිම මුල් ස්ථානයට පැමිණි පළමු අවස්ථාව මෙය වේ. 2009 වසරේ අගෝස්තු මාසයේදී එංගලන්තය හමුවේ 2-1 ක් ලෙස ටෙස්ට් තරගාවලි පරාජයත් සමගින්  ඕස්ටේ‍්‍රලියාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අතරේ පහතට ඇද වැටිණ. දකුණු අප‍්‍රිකාව 2012 වසරේ අගෝස්තු මස සිට ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගෙන සිටියේය.

ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේදී  ඕස්ටේ‍්‍රලියාව ප‍්‍රසාද ලකුණු 8 ක් ලබා 115 සිට 123 දක්වා වැඩි කරගෙන ඇති අතර දකුණු අප‍්‍රිකාවේ ප‍්‍රසාද ලකුණු 127 සිට 123 දක්වා අඩු වී තිබේ.

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව 2003 වසරේ වර්තමාන ශ්‍රේණිගත කිරීමේ ක‍්‍රමය හඳුන්වා දෙන විට  ඕස්ටේ‍්‍රලියාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ හිමිකර ගත්තේය. වසර 11 කට ආසන්න ඉතිහාසයේ  ඕස්ටේ‍්‍රලියාව මාස 74 ක් පළමු ස්ථානය රැකගෙන ඇති අතර දකුණු අප‍්‍රිකාව මාස 23 ක් පළමු ස්ථානය හිමිකරගෙන සිටියේය.

සෑම වර්ෂයකම මැයි මස 1 වැනිදා මෙම ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කිරීමේදී ඉන්දියාවට ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ ප‍්‍රසාද ලකුණු 10 ක් අහිමිවීමෙන් තෙවැනි ස්ථානයේ සිට පස්වැනි ස්ථානය දක්වා පහතට වැටුණි.

එක්දින ශ්‍රේණිගත කිරීමේ පෙරමුණේ පසු වන  ඕස්ටේ‍්‍රලියාව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ස්ථානවල වෙනස් වී නැති නමුත් එම රටවල්වල ප‍්‍රසාද ලකුණු සුළු වෙනස්වීම්වලට ලක්ව තිබේ.     

අද (මැයි මස 1 වැනිදා) යාවත්කාලීන කිරීමේදී 2010 - 2011 තරග කාලසීමාවේ ප‍්‍රතිඵල කපා හැර ඇති අතර 2012 - 2013 කාලසීමාවේ තරග ප‍්‍රතිඵලවල බලපෑම 50% දක්වා අඩුකර තිබේ. ඒ අනුව 2013 මැයි 01 වැනිදා සිට 2014 අපේ‍්‍රල් 30 දක්වා තරගවල බලපෑම මේ වන විට උපරිමයෙන් කි‍්‍රයාත්මක වේ.

ටෙස්ට් සහ එක්දින ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානවලට පැමිණීම සම්බන්ධයෙන් තමන්ට මෙන්ම කණ්ඩායමටත් අති විශාල ආඩම්බරයක් දැනෙන බවත් එම ස්ථාන නැවත අත්පත් කරගැනීම කණ්ඩායමේ අංක එකේ ඉලක්කය වූ බවත්  ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක් පවසයි.

”ඒ වෙනුවෙන් පිට්ටනියේදී මෙන්ම ඉන් පිටතදීත් කළ ඉතා වෙහෙසකර කි‍්‍රයාදාමයක සාර්ථක ප‍්‍රතිඵල තමා මේ”

”කොහොම වුණත් හොඳ කණ්ඩායමක් නිතරම මුහුණ දෙන අභියෝගය වන්නේ තමන් ලද සාර්ථකත්වය එක දිගටම පවත්වාගෙන යාමයි. දැන් අපට තිබෙන්නේ ඉන්දියාව සහ පාකිස්තානයට එරෙහිව ඉදිරියේදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලි දෙකේදීත් වසර 2015 ලෝක කුෂලාන තරගාවලියේදීත් සාර්ථකව කී‍්‍රඩා කිරීමයි” යයිද මයිකල් ක්ලාක් පවසා තිබිණ.

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම

ස්ථා. රට ප‍්‍ර/ල
1 ඕස්ටේ‍්‍රලියාව 123
2 දකුණු අප‍්‍රිකාව 123
3 එංගලන්තය 104
4 පාකිස්තානය 103
5 ඉන්දියාව 102
6 නවසීලන්තය 92
7 ශ්‍රී ලංකාව 90
8 බ.ඉ.කො. 76
9 සිම්බාබ්වේ 40
10 බංග්ලාදේශය 21

එක්දින ශ්‍රේණිගත කිරීම

ස්ථා. රට ප‍්‍ර/ල
1 ඕස්ටේ‍්‍රලියාව 115
2 ඉන්දියාව  112
3 ශ්‍රී ලංකාව  111
4 එංගලන්තය 110
5 දකුණු අප‍්‍රිකාව  109
6 පාකිස්තානය  100
7 නවසීලන්තය 98
8 බ.ඉ.කො. 94
9 බංග්ලාදේශය 73
10 සිම්බාබ්වේ 91
11 අයර්ලන්තය 61
12 අයර්ලන්තය 34
13 අෆ්ගනිස්තානය 34

-048

 

 

 


අදහස් (0)

ඕස්ටේ‍්‍රලියාව 1 ට එයි, ඉන්දියාව ඇද වැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.