Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ට්‍රේලියාව කඩුලු 5 කින් ජය ලබයි

ඕස්ට්‍රේලියාව කඩුලු 5 කින් ජය ලබයි

editorial - 2020 පෙබ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



හත්වැනි කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පර්ත්හිදී අද (24) පැවැති තරගයේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ කඩුලු පහකින් ශ්‍රී ලංකා කාන්තා පිල පරාජය කිරීමට සමත් වූහ.

මෙහිදී ශ්‍රී ලංකා කාන්තා පිල ප්‍රබල ඕස්ට්‍රේලියානු පිලට හොඳ අභියෝගයක් යොමු කිරීම කැපී පෙනුණි. ඕස්ට්‍රේලියානු පිතිකාරියන්ට ලකුණු 123 ක ඉලක්කය සඳහා ඕවර 19.3 ක් වැයකිරීමට සිදුවිය.

ඕස්ට්‍රේලියානු පිලේ ඉදිරි පෙළ පිතිකාරියන් තිදෙනා ලකුණු 10 ක් තුළ දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත් වූහ. එම දැවී යෑමත් සමඟ ඕස්ට්‍රේලියානු පිල සසළ විය.

නායිකා මැග් ලැනින් (නොදැවී 41) සහ රචිල් හෙයින්ස් (60) සිවුවැනි කඩුල්ලට පන්දු 85 කින් ගොඩනැගූ ලකුණු 95 ක සම්බන්ධතාව ශ්‍රී ලංකා පිලෙන් ජයග්‍රහණය ඈත් කළේය.

රචිල් හෙයින්ස් පන්දු 47 කදී හතරේ පහර හතරක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 60 ක් රැස්කිරීමට සමත් වූවාය.

මැග් ලැනින් අන්තයක් ආරක්‍ෂාකරනිමින් පන්දුවට පහර දෙමින් පන්දු 44 කින් නොදැවී ලකුණු 41 ක් රැස් කළාය.

උදේෂිකා ප්‍රබෝදනී සහ ශෂිකලා සිරිවර්ධන දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු දෙක බැගින් දවාගැනීමට සමත් වූහ.

චමරි අතපත්තු පන්දු 38 කින් රැස්කළ ලකුණු 50 ශ්‍රී ලංකා පිලට ලකුණු 122 ක් දක්වා ඒමට මඟ පෙන්වීය. මෙය අතපත්තුගේ දෙවැනි විස්සයි20 අර්ධ ශතකය වේ. අතපත්තුගේ ඉනිම හතරේ පහර හතකින් සහ හයේ පහර දෙකකින් වර්ණවත් විය.

අතපත්තු සහ අනුෂ්කා සංජීවනී ප්‍රබල ඕස්ට්‍රේලියානු පන්දු යවන්නියන්ට හිසරදයක් බවට පත්වෙමින් තෙවැනි කඩුල්ලට පන්දු 42 කින් ලකුණු 53 ක් සම්බන්ධතාවක් පැවැත්වූහ.

අනුෂ්කා සංජීවනී පන්දු 31 කදී හතරේ පහර දෙකක් සමගින් ලකුණු 25 ක් රැස්කළාය. නිලක්‍ෂි ද සිල්වා පන්දු 18 කින් ලකුණු 18 ක් රැස්කිරීමට සමත් වූවාය.

ශ්‍රී ලංකා පිල මේ වන විට සහභාගි වූ තරග දෙකම පරාජයට පත්ව සිටින අතර තෙවැනි තරගය ඉන්දියාවට මෙල්බන්හිදී ලබන 29 වැනිදා පැවැත්වීමට නියමිතය.

- 048


අදහස් (0)

ඕස්ට්‍රේලියාව කඩුලු 5 කින් ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.