Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්ත කඳවුර සසළ වෙයි

එංගලන්ත කඳවුර සසළ වෙයි

දමින්ද විජේසූරිය - 2021 ජන මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගාල්ල ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 74 ක ඉලක්කයක් කරා යමින් සිටින එංගලන්ත කණ්ඩායම ලසිත් ඇඹුල්දෙණියගේ පන්දු යැවීමත් ජෝ රූට්ගේ දුවද්දී දැවී යාමත් හමුවේ සසළ විය. එහෙත් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 24 ක අඛණ්ඩ සම්බන්ධතාවක් පවත්වාගෙන යන ජොනී බෙයාර්ස්ටෝ සහ කෝඩුකාර ඩැනියෙල් ලෝරන්ස්  එංගලන්තය තරමක් සැනසිලිදායක ඉසව්වක් කරා ගෙන ගියහ. 

පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ අද (17 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට එංගලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 38 ක් ලබා සිටියේය. බිඳවැටුණු කඩුලු දෙකකම හිමිකරුවා වූයේ ලසිත් ඇඹුල්දෙණියයි. තරගයෙන් ජයගැනීම සඳහා එංගලන්ත කණ්ඩායම තවත් ලකුණු 36 ක් ලබාගත යුතුවන අතර ඒ සඳහා ඔවුන්ට සම්පූර්ණ දිනයක කාලයක් මෙන්ම කඩුලු හතක් අතැතිව තිබේ. 

පළමු ඉනිමේදී ලකුණු 135 කට දැවී යාමෙන් මදි නොකියන්නට බැණුම ඇසූ ශ්‍රී ලංකා පිතිකරුවෝ දෙවැනි ඉනිමේදී ලකුණු 359 ක් ලබාගත්හ. ටෙස්ට් ඉනිම 54 කට පසුව ශතකයක් ලබාගත් ළහිරු තිරිමාන්න මෙන්ම ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ලකුණු ලබාගැනීමේ බර කරට ගත්හ. තිරිමාන්න ටෙස්ට් ශතකයක් ලබාගත්තේ වසර 7 කට පසුවය. 

වරෙක කඩුල්ලක් පමණක් දැවී ලකුණු 155 ක් ලබා සිටි ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී ලකුණු 3 ක් ඇතුළත කුසල් මෙන්ඩිස් සහ මුරකරු පිතිකරු ලසිත් ඇඹුල්දෙණිය දැවීගියහ. එහෙත් තිරිමාන්න සහ මැතිව්ස් කණ්ඩායමේ බර කරට ගත්හ. ශ්‍රී ලංකා පිලට බලවත්ම හානිය කළෝ නම් චන්දිමාල් සහ නිරෝෂන් දික්වැල්ල දෙදෙනාම පිටියෙන් ඉවත් කළ පිට දඟ පන්දු යවන්නා වන ඩොමිනික් බෙස් මෙන්ම පා දඟ පන්දු යවන්නා වන ජැක් ලීච්ය. 

වසර දෙකකට ඉහතදීත් ශ්‍රී ලංකා පිතිකරුවන්ට මහත් හිසරදයක් වූ ජැක් ලීච් අද දිනයේදී දෙවැනි වතාවටත් ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 ක් දවාගත්තේය. ඔහු පළමු වරට කඩුලු 5 ක් දවාගත්තේ 2018 දී පල්ලෙකැළේදී පැවැති ටෙස්ට් තරගයේදීය. 
හෙට තරගයේ අවසන් දිනයයි.

 


අදහස් (0)

එංගලන්ත කඳවුර සසළ වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.