Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියාවට කඩුලු 8 ක ජයක්

ඉන්දියාවට කඩුලු 8 ක ජයක්

editorial - 2019 නොවැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රෝහිත් ෂර්මාගේ (85) වේගවත් පිතිහරඹය හමුවේ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව රාජ්කොට්හිදී ඊයේ (7 වැනිදා) පැවැති දෙවැනි විස්සයි20 තරගය කඩුලු 8 කින් ජයගැනීමට ඉන්දියාව සමත්විය. ඒ අනුව තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-1 ලෙස සමකර ගැනීමටද ඉන්දියාව හැකිවිය.

ජයග්‍රහණය සඳහා ඕවර 20 කදී ලකුණු 154 ක ඉලක්කයක් හඹාගිය ඉන්දියාව ඕවර 15.4 කදී කඩුලු 2 ක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.

වේගවත් පිතිහරඹයක නිරතවූ රෝහිත් ෂර්මා පන්දු 43 කදී හයේ සහ හතරේ පහර 6 බැගින් එල්ල කරමින් ලකුණු 85 ක් රැස්කිරීමට සමත්විය. ෂර්මාගේ අර්ධ ශතකය පන්දු 23 කදී වාර්තාවිය.

ආරම්භක පිතිකරු ෂීකර් ධවාන් සමගින් එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 65 කදි ලකුණු 118 ක සම්බන්ධතාවයක්ද ගොඩනැගීමට රෝහිත් ෂර්මා සමත්විය. ෂීකර් ධවාන් පන්දු 27 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 31 ක් රැස්කිීමට සමත්විය.

අමිනුල් ඉස්ලාම් ඕවර 4 ලකුණු 29 කට සීමාකරමින් දැවීගිය කඩුලු 2 ට හිමිකම් කීහ.
කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දුවට පහරදීම සඳහා බංග්ලාදේශයට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 153 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.

මොහොමඞ් නයිම් (36), සෞම්‍ය සර්කාර් (30), මහ්මුදුල්ලා (30) සහ ලිටන් දාස් (29) ලකුණු රැස්කරමින් බංග්ලාදේශය ලකුණු පුවරුව 150 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්වූහ.

යුස්වේන්දූ චහල් සිය ඕවර 4 ලකුණු 28 කට සීමාකරමින් කඩුලු 2 ක් දවාගැනීමට සමත්විය.


බංග්ලාදේශය - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 153
(මොහොමඞ් නයිම් 36, සෞම්‍ය සර්කාර් 30, මහ්මුදුල්ලා 30, ලිටන් දාස් 29, යුස්වේන්දූ චහල් 28/4)

ඉන්දියාව - ඕවර 15.4 කදී කඩුලු 2 ක් දැවී 154
(රෝහිත් ෂර්මා 85, ෂීකර් ධවාන් 31, ශ්‍රීයාස් අයියර් නොදැවී 24, අමිනුල් ඉස්ලාම් 29/2)

...


අදහස් (0)

ඉන්දියාවට කඩුලු 8 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.