Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියානුවෝ තෙවැනි ටෙස්ට් තරගය ජය පැරදුමකින් තොරව නිමා කරති

ඉන්දියානුවෝ තෙවැනි ටෙස්ට් තරගය ජය පැරදුමකින් තොරව නිමා කරති

editorial - 2021 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 
හනුමා විහාරිගේ (නොදැවී 23) සහ රවිචන්ද්‍රන් අෂ්වින්ගේ (නොදැවී 39) සටන්කාමී පිතිහරඹය හේතුවෙන් ඕස්ට්‍රේලියාවට එරෙහිව සිඩ්නිහිදී පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්කර ගැනීමට ඉන්දියාව අද (11 වැනිදා) සමත් විය.

 
ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 4 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තරග 3 ක් අවසන් වන විට 1-1 ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්වයේ පසුවේ. තරගාවලියේ අවසන් ටෙ‍ස්ට් තරගය මේ මස 15 වැනිදා සිට 19 වැනිදා දක්වා බ්‍රිස්බේන්හිදී පැවැත්වේ.
 
තෙවැනි තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 407 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම තරගය නිමාවන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 334 ක් ලබා සිටියේය. එහිදී විහාරි පන්දු 161 කට මුහුණ දෙමින්ද, අශ්වින් පන්දු 128 කට මුහුණ ‍දෙමින්ද තරගය ‍නිමාවන තෙක් නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
 
සිවුවැනි දිනය වූ පෙරේදා (10 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 98 ක් ලබා සිටි ඉන්දීය ක්‍රීඩකයෝ ඊයේ දිනයේදී කඩුලු 3 ක් අහිමි කරගමින් සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 236 ක් එක්කර ගත්හ. එහිදී චෙතේෂ්වර් පුජාරා (77) සහ රිෂාබ් පාන්ට් (97) අර්ධ ශතක ලබාගනිමින් ඉන්දීය ඉනිම සවිමත් කළහ.
 
අවසන් දිනයේ පළමු කඩුල්ල ලෙස නායක අජින්ක්‍යා රහනේ පිටියෙන් ඉවත් කිරීමට නේදන් ලයන් සමත් වූ අතර මැතිව් වේඩ් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට රහනේ ලබා සිටියේ ලකුණු 4 ක් පමණි. ඉන් අනතුරුව පුරාජා සමග එක්වූ පාන්ට් සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 148 ක සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැගූහ.
 
තරමක් වේගයෙන් ලකුණු රැස්කළ පාන්ට්, සිය තෙවැනි ටෙස්ට් ශතකය පෙනී පෙනී දැවී ගියේ ලයන්ගේ පන්දුයක් හමුවේ පැට් කමින්ස් අතට උඩ පන්දුවක් ‍දෙමිනි. පන්දු 118 කදී වාර්තා වූ පාන්ටේගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 12 ක් ඇතුළත් විය. පන්දු 205 කට මුහුණදුන් පුජාරාගේ අර්ධ ශතකය හතරේ පහර 12 කින් සමන්විත විය.‍
 
මුලු ලකුණු සංඛ්‍යාව 272 ක් වන විට ඉන්දීය ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙස පුජාරා දවාගැනීමට ජොෂ් හෙසල්වුඩ් සමත් විය. ඉන් අනතරුව ඉන්දීය කණ්ඩායම පරාජයෙන් ගළවාගැනීමේ අභියෝගය සිය කරමතට ගත් විහාරි සහ අෂ්වින් තරගය නිමාවන තෙක්ම කඩුලු ආරක්ෂා කරගනිමින් ඉතා ආරක්ෂාකාරී පිතිහරඹයක නිරත වූහ.
 
ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 338
ඉන්දීය පළමු ඉනිම - සියලු දෙනා දැවී 244
ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිම - කඩුලු 6 ක් දැවී 312
ඉන්දීය දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 334

(රෝහිත් ශර්මා 52, ශුබ්මන් ගිල් 31, චෙතේෂ්වර් පුජාරා 77, රිෂාබ් පාන්ට් 97, හනුමා විහාරි නොදැවී 23, රවිචන්ද්‍රන් අෂ්වින් නොදැවී 39, ජොෂ් හෙසල්වුඩ් 39/2, නේදන් ලයන් 114/2)

 


-036


අදහස් (0)

ඉන්දියානුවෝ තෙවැනි ටෙස්ට් තරගය ජය පැරදුමකින් තොරව නිමා කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.