Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අමීර් - වහාබ් පාකිස්තානු පිලට එක්වෙති

අමීර් - වහාබ් පාකිස්තානු පිලට එක්වෙති

editorial - 2019 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා නම්කරන ලද 15 දෙනෙකුගෙන් සමන්විත පාකිස්තාන සංචිතය සංශෝධනය කරමින් අසීෆ් අලී, මොහොමඞ් අමීර් සහ වහබ් රියාස් ලෝක කුසලන තරගාවලියට එක්කර ගැනීමට පාකිස්තානු තේරීම් කම්ටුව පියවර ගෙන තිබේ. ඒ සමගින් මූලික සංචිතයට නම්කර සිටි ආරම්භක පිතිකරු අබිඞ් අලී, තුන්ඉරියව් ක්‍රීඩක ෆාහීම් අෂ්රෆ් සහ පන්දුයවන ක්‍රීඩක ජුනයිඞ් ඛාන්ට ලෝක කුසලාන සංචිතයේ ස්ථාන අහිමිවී තිබේ.

මාස 18 ක් වයසැති සිය දියණියට පිළිකාවක් වැලඳීම හේතුවෙන් ඇමෙරිකාවේ රෝහලකදී ප්‍රතිකාර ලබමින් සිටිම නිසා ලෝක කුසලාන මූලික සංචිතයට අසීෆ් අලී එක්නොවූයේය. නමුත් පසුගිය ඉරිදා (19 වැනිදා) ඇය මෙලොවින් සමුගත්තාය. ඇයගේ අවසන් කටයුතු ලාහෝර් නුවරදී සිදුකිරීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ තේරීම් කමිටු ප්‍රධානී ඉන්සමාම් උල් හක් මහතා අසීෆ් අලී ලෝක කුසලාන සංචිතයට එක්කර ගන්නා බව පැවසීය.

පසුගිය කාලයේදී සුපුරුදු දක්ෂතා අතර නොමැතිවීම හේතුවෙන් මොහොමඞ් අමීර්ට ලෝක කුසලාන මූලික සංචිතයේ ස්ථානයක් හිමිනොවීය. නමුත් එංගලන්තය සමගින් පැවැති එක්දින තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් ඕවර 19 කට සීමාවූ අතර පැපොල රෝගය වැළඳීම හේතුවෙන් අවසන් තරග 4 ට ක්‍රීඩා කිරීමේ අවස්ථාව මොහොමඞ් අමීර්ට අහිමිව ගියේය. කෙසේ වෙතත් එංගලන්තයට එරෙහිව පැවැති එක්දින තරගාවලිය 4-0 ක් ලෙස පාකිස්තානය පරාජයට පත්වීමත් සමගින් මොහොමඞ් අමීර්ට ලෝක කුසලාන සංචිතයේ දොරටු විවර විය.

අවසන් එක්දින තරග 4 තුලදී එංගලන්ත පිතිකරුවන් ලකුණු 340 සීමාව පසුකිරීම හේතුවෙන් අත්දැකීම් බහුල පන්දු යවන්නකුගේ අවශ්‍යතාව පාකිස්තානයට තදින්ම දැනුනේය. ඒ හේතුවෙන් අත්දැකීම් බහුල වමත් වේගපන්දු යවන්නකුවූ වහබ් රියාස්ටද ලෝක කුසලායට එක්වීමේ අවස්ථාව උදාවිය. 33 හැවිරිදි වහබ් රියාස් 2011 සහ 2015 ලෝක කුසලාන තරගාවලියන්හිදී පාකිස්තානය නියෝජනය කර ඇත.

ඉතා අවාසනාවන්ත ක්‍රීඩකයකු වන ජුනයිඞ් ඛාන් 2011 ලෝක කුසලාන සංචිතයේ සිටියද ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිනොවූ අතර 2015 සංචිතයට නම්කළද ආබාධයක් හේතුවෙන් ඔහුට ඉන් ඉවත් වීමට සිදුවිය.
“මට කිසිදෙයක් පැවසීමට අවශ්‍ය නැත. ඇත්ත තිත්තයි” යැයි පවසමින් ජුනයිඞ් ඛාන් සිය ට්විටර් ගිණුවේ කළු පටියකින් කට වසා සිටින ඔහුගේ ඡායාරූපයක් පළකර ඇත.

ආබාධයකට ලක්ව සිටි පා දඟ පන්දු යවන ක්‍රීඩක ශදාබ් ඛාන් මේ වන විට සුවය ලබා සිටී.


පාකිස්තානු ලෝක කුසලාන සංචිතය
සර්ෆ්‍රාස් අහමඞ් (නායක), ෆකර් සමාන්, ඉමාම් උල් හක්, බාබර් අසාම්, හැරිස් සොහේල්, මොහොමඞ් හෆීස්, ෂොයිබ් මලික්, අසිෆ් අලි, ඉමාඞ් වසිම්, ශදාබ් ඛාන්, මොහොමඞ් අමීර්, මොහොමඞ් හස්නයින්, හසන් අලි, වහාබ් රියාස් සහ සහීන් ෂා අෆ්රිඩි

...


අදහස් (0)

අමීර් - වහාබ් පාකිස්තානු පිලට එක්වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.