Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අගුලු දාගෙන අයි.පී.එල්. ගහයි

අගුලු දාගෙන අයි.පී.එල්. ගහයි

editorial - 2021 අප්‍රේ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොවිඩ් -19 වෛරසය ප්‍රාන්තය තුළ පැතිරීම මැඩපැවැත්වීම සඳහා මහාරාෂ්ඨ ප්‍රාන්ත රජයේ නවතම නියෝග තිබියදීත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රියාකාරකම් කෙරෙහි ඒවායින් කිසිදු බලපෑමක් නොමැති බව මුම්බායි ක්‍රිකට් සංගමය අවධාරණය කරයි.

මහාරාෂ්ඨ ප්‍රාන්ත රජය විසින් ඉරිදා (අප්‍රේල් 4) සවස ප්‍රකාශයට පත් කරන ලද, ප්‍රාන්තයේ ඇතැම් කලාප අර්ධ වශයෙන් අගුළු දැමීමේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් මුම්බායි ක්‍රිකට් සංගමය මෙසේ කියා සිටී. 

“අපට නාගරික නාගරික කොමසාරිස්ගෙන් ඇමතුමක් ලැබී තිබෙනවා....”

“අගුලු දැමීමේ ක්‍රියාමාර්ග අයිපීඑල් තරගාවලියේ කටයුතු වලට බලපෑමක් නොකරන බවට සංගමයට සහතික වී තිබෙනවා. - ‘ඒත් අනෙකුත් ක්‍රිකට් ක්‍රියාකාරකම් වහාම නතර කළ යුතුයි -’ කියලා අපට කිව්වා” යයි මුම්බායි ක්‍රිකට් සංගමයේ නිලධාරියෙක් බවසා තිබේ. 

“අයිපීඑල් තරගාවලියේ කණ්ඩායම්වලට සාමාන්‍ය පරිදි පුහුණුවීම් කළ හැකි බවත්, ජෛව ආරක්‍ෂිත බුබුලක කොටසක් වන ඕනෑම ක්‍රිකට් කටයුත්තකට අඛණ්ඩව අවසර දෙන බවත් ඒ නිලධාරියා වැඩිදුරටත් කිව්වා” යයිද හෙතෙම පැවසීය. 

ඉරිදා දහවල් පැවැති කැබිනට් රැස්වීමෙන් පසු මහාරාෂ්ඨ ප්‍රාන්ත රජය සති අන්තයේ දී පූර්ණ වශයෙන් අගුලු දැමීම ඇතුළු අගුලු දැමීමේ පියවර කිහිපයක් ප්‍රකාශයට පත් කළේය. ප්‍රකාශයට පත් කර ඇති අදාළ ක්‍රියාමාර්ග අතර සතියේ දිනවල  ඇඳිරි නීතිය රාත්‍රී 8.00 සිට උදෑසන 7.00 දක්වා බලපැවැත්වේ.  සති අන්තයේදී සිකුරාදා රාත්‍රී 8.00 සිට සඳුදා උදෑසන 7.00 දක්වා අගුලු දැමෙනු ඇත. 

අයි.පී.එල්. තරගාවලියේ තරග 10 ක් මුම්බායිහිදී පැවැත්වීමට නියමිතය. ඇතැම් තරග සති අන්තයේදී පැවැත්වේ. 

අයි.පී.එල්. තරගාවලිය සිකුරාදා (9 වැනිදා) චෙන්නායි නුවරදී ආරම්භ වන අතර පළමු තරගයට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමත් සහභාගි වෙති. මුම්බායිහිදී පැවැත්වෙන තරග සෙනසුරාදා ආරම්භ වේ. ඒ චෙන්නායි සුපර් කිංග්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර තරගයෙනි. 

අප්‍රේල් 10 සිට 24 දක්වා කණ්ඩායම් 6 ක් මුම්බායිහි වැන්කඩේ ක්‍රීඩාංගණයේදී ක්‍රීඩා කරති.

- 213


අදහස් (0)

අගුලු දාගෙන අයි.පී.එල්. ගහයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.