Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා - සිම්බාබ්වේ ටෙස්ට් තරග 19 දා සිට

ශ්‍රී ලංකා - සිම්බාබ්වේ ටෙස්ට් තරග 19 දා සිට

දමින්ද විජේසූරිය - 2020 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිම්බාබ්වේ පිලට එරෙහිව ටෙස්ට් තරග දෙකකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබන බදාදා (15 වැනිදා) සිම්බාබ්වේ බලා පිටත්ව යයි. මෙම තරග දෙකම සිම්බාබ්වේහි අගනුවර වන හරාරේ නුවරදී පැවැත්වීමට නියමිතය.

පළමු ටෙස්ට් තරගය මේ මස 19 වැනිදා සිට 23 වැනිදා දක්වාත්, දෙවැනි තරගය 27 දා සිට 31 වැනිදා දක්වාත් පැවැත්වේ. සිම්බාබ්වේ කණ්ඩායම ලෝක ටෙස්ට් ශූරතාවලියට ක්‍රීඩා නොකරන බැවින් මෙම තරගාවලියේදී ලබාගන්නා ජයග්‍රහණ වලට ප්‍රසාද ලකුණු නොලැබේ.

සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයට එරට රජයෙන් එල්ල වී තිබූ බලපෑම් හේතුවෙන් මාස තුනකට අත්හිටුවා තිබූ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය සිම්බාබ්වේ ක්‍රිකට් සංගමයට නැවත හිමිවූයේ පසුගිය ඔක්තෝබර් මාසයේදීය. වසරකට වැඩි කාලයක් තිස්සේ ටෙස්ට් තරග වලට සහභාගි වී නැති සිම්බාබ්වේ පිල අවසන් වරට ටෙස්ට් තරගයකට සහභාගි වූයේ 2018 නොවැම්බර් මාසයේදීය. බංග්ලාදේශයේදී පැවැති එම තරගාවලිය තරග දෙකකින් සමන්විත වු අතර තරගාවලිය 1-1 ක් ලෙසින් සමවිය.

බංග්ලාදේශයට එරෙහිව පැවැති පළමු තරගය ලකුණු 151 කින් ජයගැනීමට සිම්බාබ්වේ පිල සමත් වූයේ වසර 18 ක ටෙස්ට් ඉතිහාසයේදී පළමු වැනි විදෙස් ටෙස්ට් ජය වාර්තා කරමිනි. නමුත් දෙවැනි තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 218 කින් ජයගත් බැවින් තරගාවලිය සමවිය.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර අවසන් වරට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති ටෙස්ට් තරගයේදී ලකුණු 388 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගය කඩුලු 4 කින් ජයගත්තේ ආසියාවේදී ටෙස්ට් කණ්ඩායමක් හඹා ගොස් ජයගැනීමේ ඉහළම ඉලක්කයද වාර්තා පොතට එකතු කරමිනි.

සිම්බාබ්වේ පිලේ නව ටෙස්ට් නායකයා ලෙස ෂෝන් විලියම්ස් නම්කර තිබේ. එක්දින කණ්ඩායමේ නායකයා ලෙසින් චාමු චිබාබා නම්කර ඇත. කෙසේ වෙතත් මේ දෙදෙනාම නම්කර ඇත්තේ තාවකාලික පදනමක් යටතේය.

හිටපු නායක හැමිල්ටන් මසකඞ්සා 2019 නොවැම්බර් මාසයේදී ක්‍රිකට් පිටියෙන් සමුගත් අතර ඔහු පසුව සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්‍ෂකවරයා ලෙසින් පත්විය.

අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාව 6 වැනි ස්ථානයේ සිටින අතර සිම්බාබ්වේ පිල 11 වැනි ස්ථානයේ රැඳී සිටී.


අදහස් (0)

ශ්‍රී ලංකා - සිම්බාබ්වේ ටෙස්ට් තරග 19 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.