Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා - පාකිස්තානු තරගය වැස්සට සේදෙයි

ශ්‍රී ලංකා - පාකිස්තානු තරගය වැස්සට සේදෙයි

editorial - 2019 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එංගලන්තයේ බ්‍රිස්ටල් නුවරදී අද (7 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ තරගය දිගින් දිගටම පැවැති වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය. 

ඒ අනුව කණ්ඩායම් 2ටම ප්‍රසාද ලකුණු 1 බැගින් හිමිවූ අතර එම ලකුණත් සමග ශ්‍රී ලංකාව ලකුණු සටහනේ 3වැනි ස්ථානයටත්, පාකිස්තානය 4වැනි ස්ථානයටත් පත්විය.


පස්වරු 2.20
විනිසුරුවරුන් ක්‍රීඩා පිටිය පරීක්‍ෂා කිරීමට තවත් ඇත්තේ විනාඩි 10 ක පමණ කාලයකි. තණතීරුව අවට පෙදෙස හැර ක්‍රීඩාංගණයේ අනෙක් ප්‍රදේශය වර්ෂාවට හසුවූ නමුත් එතරම් තදින් පෙඟුණු බවක් පෙනෙන්නට නැත.

පස්වරු 2.10
තරමක සුබදායක ආරංචියක් ලැබී තිබේ. තණතීරු ආවරණ ඉවත් කිරීමට පියවර ගත් අතර පස්වරු 2.30 ට ක්‍රීඩාංගණය පරීක්‍ෂා කිරීමට විනිසුරුවරු තීරණය කළහ. එහෙත් කාලගුණ අනාවැකියෙන් කියැවෙන්නේ පස්වරු 3.00 ට නැවතත් වර්ෂාව ඇතිවිය හැකි බවයි.

පස්වරු 2.00
පස්වරු 10.30 ට ආරම්භ වීමට නියමිතව තිබුණද සිකුරාදා පස්වරු 2.00 වන තුරුත් තරගය ආරම්භ වන ලකුණක් පෙනෙන්නට නොතිබිණ. ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පමණක් ක්‍රීඩාගාරයේ සඳලු තලයේ සිටී. ප්‍රේක්ෂකාගාරයේ සිටින කුඩා දරුවෙක් “මාලිංග............................” යයි කෑ ගැසූ නමුත් වේග පන්දු යවන්නා පෙනෙන්නට නැත.

ලෝකයේ ඈත පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයෝ රාත්‍රී 12.30 වන තුරුත් නිදි නැතිව, තරගය ආරම්භ වන තුරු බලා සිටිති. වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ තත්ත්වය කුමක් වුවත්, ලෝකය පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයෝ තවමත් ශ්‍රී ලංකා කණ්ඩායම කෙරේ විශ්වාසයෙන් පසුවෙති.


දහවල් 12.30
තවමත් වැස්ස. පස්වරු 4.19 වන තුරුත් (ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8.49) මේ තරගය ආරම්භ කරන්න බැරි වුණෙත් තරගය අතහැර දාන්න වෙනවා

පෙරවරු  11.40
දැන්නම් හොඳටම වැස්ස. ප්‍රේක්‍ෂකාගාර වල කවුරුන් ඉන්නවාද කියා කියන්න බෑ. එත් තදින්ම වහිනවා

පෙරවරු 10.00
කාසියේ වාසිය බලන්න වෙලව හරි වුණත් තවමත් හොඳටම වහිනවා. පාකිස්තානු කණ්ඩායම ඇවිත්. කාසියේ වාසිය බලන්න බෑ. ප්‍රමාද වෙනවා

 

- 048


අදහස් (0)

ශ්‍රී ලංකා - පාකිස්තානු තරගය වැස්සට සේදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.