Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා ‘ඒ’ පිල ඉන්දියාවේ තරග සංචාරයක

ශ්‍රී ලංකා ‘ඒ’ පිල ඉන්දියාවේ තරග සංචාරයක

රොෂාන් ගුණරත්න - 2019 මැයි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නිල නොවන ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම මේ මස 21 වැනිදා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතව ඇත. නිල නොවන ටෙස්ට් සහ එක්දින තරග සඳහා නම්කර කරන ලද සංචිතයන්හී නායකත්වය අෂාන් ප්‍රියංජන්ට හිමිවී ඇත.

මෙම තරගාවලියට නිල නොවන ටෙස්ට් (සිවුදින) තරග 2 ක් සහ එක්දින තරග 5 ක් ඇතුළත්ව ඇත. පළමු නිල නොවන ටෙස්ට් තරගය බෙල්ගවුම්හිදී 21 වැනිදා ආරම්භවන අතර දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය හුබ්ලිහිදී 31 වැනිදා ආරම්භවේ. පළමු එක්දින තරගය ජුනී 6 වැනිදාත්, දෙවැනි එක්දින තරගය ජුනී 8 වැනිදාත්,  තෙවැනි එක්දින තරග ජූනී 10 වැනිදාත් බෙල්ගවුම්හිදී පැවැත්වෙන අතර ජූනී 13 වැනිදා සිවුවැනි එක්දින තරගයත් ජූනී 15 වැනිදා පස්වැනි සහ අවසන් එක්දින තරගයත් හුබ්ලිහිදී පැවැත්වේ.

පසුගියදා අවසන්වූ දේශීය ක්‍රිකට් තරගාවලියේදී පිත්තෙන් දස්කම් දැක්වූ කෝල්ට්ස් පිලේ සංගීත් කුරේ පළමු වරට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ස්ථානයක් හිමිකර ගැනීමට සමත්වී ඇත.

 

නිල නොවන ටෙස්ට් සංචිතය
අෂාන් ප්‍රියංජන් (නායක), පැතුම් නිස්සංක, සධීර සමරවික්‍රම, සංගීත් කුරේ, භානුක රාජපක්ෂ, කමිඳු මෙන්ඩිස්, ප්‍රියමාල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, ලසිත් ඇඹුල්දෙණිය, චාමික කරුණාරත්න, විශ්ව ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර

 

එක්දින සංචිතය
අෂාන් ප්‍රියංජන් (නායක), ධණුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල, භානුක රාජපක්ෂ, පැතුම් නිස්සංක, කමිඳු මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, ශෙහාන් ජයසූරිය, දසුන් ශානක, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, ඉෂාන් ජයරත්න, චාමික කරුණාරත්න, ළහිරු කුමාර

 

තරග කාලසටහන

මැයි 25 සිට 28 දක්වා - පළමු නිල නොවන ටෙස්ට් තරගය - බෙල්ගවුම්හිදී

මැයි 31 සිට ජූනී 3 දක්වා - දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය - හුබ්ලිහිදී

ජූනී 6 - පළමු එක්දින තරගය - බෙල්ගවුම්හිදී

ජූනී 8 - දෙවැනි එක්දින තරගය - බෙල්ගවුම්හිදී

ජූනී 10 - තෙවැනි එක්දින තරගය - බෙල්ගවුම්හිදී

ජූනී 13 - සිවුවැනි එක්දින තරගය - හුබ්ලිහිදී

ජූනී 15 - පස්වැනි එක්දින තරගය - හුබ්ලිහිදී


අදහස් (0)

ශ්‍රී ලංකා ‘ඒ’ පිල ඉන්දියාවේ තරග සංචාරයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.