Last Update  :  2024-04-25 21:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා ‘ඒ’ පිල පළමු ජය ලබයි

ශ්‍රී ලංකා ‘ඒ’ පිල පළමු ජය ලබයි

editorial - 2019 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ‘ඒ’ කණ්ඩායමට එරෙහිව බෙලගාවිහිදී ඊයේ (10 වැනිදා) පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 6 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත් විය. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය 2-1 ක් බවට පත්කිරීමටද ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ සමත් වූහ.

වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම ඕවර 46 කට සීමා වූ අතර එහිදී ඔවුන්ට ලකුණු 266 ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිවිය. දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් ඕවර 43.5 ක් අවසානයේදී කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කයක සපුරාගත් ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ තරගයේ ජය තමන් සතුකරගත්හ.

ෂෙහාන් ජයසූරිය (නොදැවී 66) සහ දසුන් ශානක (නොදැවී 36) එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 37 කදී ලකුණු 62 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ. පන්දු 68 කදී වාර්තා වූ ජයසූරියගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් වූ අතර පන්දු 22 කදී වාර්තා වූ ශානකගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහරකින් සමන්විත විය.

ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ආරම්භක පිතිකරු සංගීත් කුරේ පන්දු 103 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 88 ක් රැස්කළ අතර නිරෝෂන් දික්වැල්ල (62) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 102 කදී ලකුණු 87 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සංගීත් සමත් විය. පන්දු 58 කට මුහුණදුන් දික්වැල්ල හතරේ පහර 10 කින් සිය අර්ධ ශතකය අලංකාර කළේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය ‘ඒ’ කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 291 ක් ලබාගත් අතර එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ප්‍රශාන්ත් චෝප්රා (129) ශතකයක් ලබාගැනීමට සමත් විය.

පන්දු 125 කදී වාර්තා වූ ඔහුගේ ඉනිම හතරේ පහර 17 කින් සමන්විත විය. දීපක් හූඩා (53) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 105 කදී ලකුණු 119 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද චෝප්රා සමත් විය.

සෙසු සියලු පන්දු යවන්නන් ඉන්දීය පිතිකරුවන්ගේ දැඩි ලෙස පහර කෑමකට ලක්වෙද්දී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර වූ චාමික කරුණාරත්න ලකුණු 36 කට කඩුලු 5 ක් බිඳහෙළමින් තරගයේ වීරයා බවට පත් විය.


ඉන්දීය ‘ඒ’ පිල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 291
(ඉෂාන් කිෂන් 25, ප්‍රශාන්ත් චෝප්රා 129, දීපක් හූඩා 53, ශවම් ඩූබ් 28, වොෂිංටන් සුන්දර් 26, චාමික කරුණාරත්න 36/5)

ශ්‍රී ලංකා ‘ඒ’ පිල - ඕවර 43.5 කදී කඩුලු 4 ක් දැවී 266
(නිරෝෂන් දික්වැල්ල 62, සංගීත් කුරේ 88, ෂෙහාන් ජයසූරිය 66, දසුන් ශානක නොදැවී 36, ශවම් ඩූබ් 27/2)


-036

 


අදහස් (0)

ශ්‍රී ලංකා ‘ඒ’ පිල පළමු ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.