Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකාවට - බංග්ලාදේශයට සම ලකුණු

ශ්‍රී ලංකාවට - බංග්ලාදේශයට සම ලකුණු

editorial - 2019 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පෙරේදා රාත්‍රිය පුරාත් ඊයේ උදෑසන සිටත් දිගින් දිගටම පතිත වූ වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන තරගයේ කාසියේ වාසිය උරගා බැලීම කල්දැමීමට සිදුවිය. සෑහෙන වේලාවක් බලා සිටීමෙන් පසුව පස්වරු 2.00 ට පමණ ( ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 6.30 ට) තරගය අතහැර දැමීමට විනිසුරුවරුන් දෙදෙනා වූ රිචඞ් ඉලිංවර්ත් සහ රිචඞ් කෙට්ල්බරර් යන මහත්වරු තීරණය කළහ.

ඒ අනුව දෙපිලටම ලකුණු 1 ක් බැගින් බෙදී ගියේය. තරග 4 ක් අවසානයේදී ශ්‍රී ලංකා පිල සතුවන්නේ ප්‍රසාද ලකුණු 4 ක් පමණි.

එංගලන්තයේ බ්‍රිස්ටල් නුවර, ග්ලොස්ටර්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය තිබූ බංග්ලාදේශයට එරෙහි තරගය අද පෙරවරු 10.30 ට ආරම්භ වීමට නියමිතව තිබිණ. එහෙත් දිගින් දිගටම පැවැති වර්ෂාව හේතුවෙන් පස්වරු 1.30 වන විටත් කාසියේ වාසිය උරගා බැලිය නොහැකි තත්ත්වයක් පැවතිණ.

තරගයේ තීරණයක් ලබාගැනීම සඳහා අවශ්‍ය අවම ඕවර සංඛ්‍යාව වන ඕවර 20 තරගයක් හෝ පැවැත්වීමට නම් තරගය පස්වරු 4.30 ට (ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8.45 ට) ආරම්භ කළ යුතු වූවත් ආවරණ කර තිබුණේ ක්‍රීඩාංණයේ තණතීරුව සහ ඒ අවට හතරැස් කොටුව පමණි. ශ්‍රී ලංකාවේ මෙන් සම්පූර්ණ ක්‍රීඩාංගණයම ආවරණය කිරීමක් එංගලන්තයේදී නොකෙරේ.  

එබැවින් ක්‍රීඩාංගණයේ හතරේ සීමාව අවට තත්ත්වයද සැලකිල්ලට ගත් විනිසුරුවරු පස්වරු 2.00 ට පමණ තරගය අතහැර දැමීමට තීරණය කළහ.

ලෝක කුසලාන තරගාවලියේ දීර්ඝ ස්වභාවය සැලකීමේදී අඩුතරමේ තරග 5 ක වත් පූර්ණ ජයග්‍රහණ අත්කරගනිමින් මිස අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීම අසීරු කරුණකි.

..


අදහස් (0)

ශ්‍රී ලංකාවට - බංග්ලාදේශයට සම ලකුණු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.