Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 3 ක් අහිමි වෙයි

ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 3 ක් අහිමි වෙයි

editorial - 2019 නොවැ මස 05 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

ඕස්ට්‍රේලියාව හමුවේ 3-0 ක තරගාවලි පරාජයක් හිමිවූ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ නවතම විස්සයි20 ශ්‍රේණිගත කිරීම් වලට අනුව ප්‍රසාද ලකුණු 3 ක් අහිමිවී ඇත. ඕස්ට්‍රේලියානු සංචාරයට පෙර ප්‍රසාද ලකුණු 241 ක් ලබා ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාවට මේ වනවිට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු 238 ක් පමණි. කෙසේ වුවත් ශ්‍රී ලංකාව රැඳීසිටි ස්ථානයේ කිසිදු වෙනසක් සිදුවී නොමැත.

ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත් 3-0 ක තරගාවලි ජයත් සමගින් ප්‍රසාද ලකුණු 3 ක් හිමිකරගත් ඕස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු 264 ක් ලබාගනිමින් ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉහළ ගියේය. ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියට පෙර ඔවුන් ලකුණු සටහනේ 5 වැනි ස්ථානයේ රැඳී සිටියහ.

ප්‍රසාද ලකුණු 274 ක් ලබා සිටින පාකිස්තානය තවදුරටත් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ රැකගැනීමට සමත්ව සිටියි.
මෙම දිනවල ඉන්දියාව සහ බංග්ලාදේශය, ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය මෙන්ම නවසීලන්තය සහ එංගලන්තය යන කණ්ඩායම් අතරද විස්සයි20 තරගාවලි පැවැත්වෙන බැවින් ඉදිරියේදී ප්‍රසාද ලකුණු සටහනේ ඉහළ පහළ යෑම් දැකගැනීමට හැකිවනු ඇත.

ඇෆ්ඝනිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර විස්සයි20 තරගාවලිය මේ මස 14 වැනිදා ආරම්භවීමට නියමිතය.  

ප්‍රසාද ලකුණු සටහන


අදහස් (3)

ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 3 ක් අහිමි වෙයි
  • Harith Gunasekara Wednesday, 06 November 2019 11:23 AM

    ක්‍රීඩාවේදී දිනුම පැරදුම බාරගන්න ඕනේ. ක්‍රීඩකයෝ නිතරම වෙනස් කරනවිට කොහොමද ඒ අයට අත්දැකීමක් ලබා දෙන්නේ. ජර්මනියේ පාපන්දු කණ්ඩායම නිතරම ක්‍රීඩකයෝ මාරු කළේ නැහැ. එක තරගයක් පරාජ වුනාම ක්‍රීඩකයෝ ඉගෙන ගන්නා කොහෙ වැරැද්ද කියලා.

    Reply 0       0

    chamara Thursday, 07 November 2019 01:22 PM

    හැමදාම වෙනස් නොවී සෙල්ලම් කරන කුසල් මෙන්ඩිස්ට ගන්න තියෙන අත්දැකීම මොකක්ද දන්නේ නෑ ?

    Reply 0       0

    Chamara Thursday, 07 November 2019 01:19 PM

    ලංකාව ප්‍රසාද ලකුණු 3 ක් විතරක් අහිමිකරන් බේරුනොත් ඇති.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.