Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වාස් හදිසියේම ඉල්ලා අස්වෙයි

වාස් හදිසියේම ඉල්ලා අස්වෙයි

editorial - 2021 පෙබ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන්නන්ගේ පුහුණුකරුවා වශයෙන් පසුගියදා පත්කරන ලද චමින්ද වාස් මහතා මාර්තු 26 වැනිදා සිට සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අද (22 වැනිදා) දැනුම්දී තිබේ. එසේම තමන් බටහිර ඉන්දීය සංචාරය සඳහා එක් නොවන බවද වාස් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා පිලේ හිටපූ වේගපන්දු යවන්නන්ගේ පුහුණුකරුවා වූ ඩේවිඩ් ෂේකර් මහතා පෞද්ගලික හේතුවක් මත සිය තනතුරෙන් ඉල්ලා අස්වීමත් සමගින් චමින්ද වාස් මහතා මෙම ධූරය සඳහා පත් කරන ලදී. මෙම පත්කිරීම සිදුකර දවස් 3 ක් ඇතුළත වාස් මහතාගේ ඉල්ලා අස්වී තිබේ.

ජාතික සංචිතයේ පුහුණුකරුවා වශයෙන් පත්කිරීමට පෙර චමින්ද වාස් මහතා උසස් දස්කම් මධ්‍යස්ථානයේ වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරුවා වශයෙන් කටයුතු කරමින් සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා අද දින පිටත්ව යාමට නියමිතය. ඊට පැය කිහිපයකට පෙර ඔහුගේ ඉල්ලා අස්වීම සිදුවිය.

- 2079


අදහස් (0)

වාස් හදිසියේම ඉල්ලා අස්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.