Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වට්මෝර් කොළඹ පිලෙන් ඉවත් වෙයි

වට්මෝර් කොළඹ පිලෙන් ඉවත් වෙයි

editorial - 2020 නොවැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


 
ශ්‍රී ලංකාවේ උපන් ඕස්ටේ්‍රලියානු ජාතික පුහුණුකරුවකු වන ඩැව්නෙල් වට්මෝර් මහතා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කර ඇත. කොළඹ කිංග්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස නම් කරනු ලැබ සිටි වට්මෝර් මහතා පෞද්ගලික හේතු කිහිපයක් නිසා තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කළ බව දැනගන්නට තිබේ.

පුහුණුකරු ධුරයෙන් ඉවත්වූ වට්මෝර් මහතා වෙනුවට එංගලන්තයේ කබීර් අලි මහතා එම ධූරයට නම් කර ඇති බව දැනගන්නට තිබේ. හිටපු වේග පන්දු යවන්නකු වන කබීර් අලි ටෙස්ට් තරගයක් සහ එක්දින තරග 14 කට ක්‍රීඩා කර ඇති අතර ජාත්‍යන්තර කඩුලු 25 ක් බිඳහෙලා ඇත.

පසුගිය සෙනසුරාදා දඹුල්ල වයිකිංග් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතව සිටි ජෝන් ලුවිස් මහතා එම කණ්ඩායමෙන් ඉවත් කර එංගලන්ත ජාතික ඔවයිස් ෂා මහතා එම ධූරයට පත්කර තිබුණි.

ඩුබායිහී ව්‍යාපාරිකු වන මුර්ෆාඞ් මුත්තාෆා මහතා කොළඹ කිංග්ස් පිලේ හිමිකාරිත්වය දරණ අතර දේශීය සුවිශේෂි ක්‍රීඩකයා ලෙස නම් කළ ඇන්ජලෝ මැතිව්ස් එහි නායකයා ලෙසද පත්කර තිබේ.

එංගලන්ත ක්‍රීඩකයින් වන ඩැනියෙල් බෙල්-ඩ්‍රමන්ඞ් සහ ලෝරි එවන්ස්, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඔන්ඩි්‍ර රසල් සහ ඉන්දීය ක්‍රීඩක මන්ප්‍රීත් සිං ගෝනි ඇතුළු විදේශීය ක්‍රීඩකයින් අද (18 වැනිදා) කණ්ඩායම සමගින් එක්වනු ඇත.
 
- 2079

අදහස් (0)

වට්මෝර් කොළඹ පිලෙන් ඉවත් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.