Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සහයෝගය සහ දක්ෂතාවය කියන්නෙ වචන දෙකක්

සහයෝගය සහ දක්ෂතාවය කියන්නෙ වචන දෙකක්

editorial - 2019 ජුලි මස 08 {{hitsCtrl.values.hits}} Views 5 Comment
A A A

එංගලන්තයේදී පැවැති ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (8 වැනිදා) පෙරවරුවේ දිවයිනට පැමිණි අවස්ථාවේදී ලසිත් මාලිංග සහ මාධ්‍යවේදීන් අතර වූයේ තරමක උණුසුම් සංවාදයකි. මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්න වලට කැත්තට පොල්ල මෙන් උත්තර දුන් මාලිංග ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වඩාත් දියුණු තත්ත්වයකට ගෙන ඒම තමන්ගේ කාර්යයක් නොවන බවත් ඒ වෙනුවෙන් බලධාරීන් සිටින බවත් පැවසීය.

මාධ්‍යවේදීන් පිරිස සහ ලසිත් මාලිංග අතර කටුනායක ගුවන්තොටුපළ පරිශයේදී ඇතිවූ කතාබහක් පහත සඳහන් වේ.


මාධ්‍යවේදියා - තරගාවලිය ගැන මොනවද කියන්න තියෙන්නේ?
මාලිංග - තරගාවලිය අසාර්ථකයි.

මාධ්‍යවේදියා - අසාර්ථක වීමට හේතුව?
මාලිං - තරග පරාජය වීම.

මාධ්‍යවේදියා - පරාජය වීමටත් හේතුවක් තියෙනවනේ?
මාලිංග - දක්ෂතා අතරට පැමිණිමට නොහැකි වීම.

මාධ්‍යවේදියා - ඔබ පළපුරුදු ක්‍රීඩකයෙක්. ඒකෙන් ප්‍රයෝජනයක් වුණාද මේ තරගාවලියෙදි?
මාලිංග - ඕයගොල්ලො මැච් බැලුවද?

මාධ්‍යවේදියා - ඔව්.
මාලිංග - මොකද මං කළේ?

මාධ්‍යවේදියා - ඔබ ඔබගේ වගකීම ඉටුකළා.
මාලිංග - එහෙනම් මට ඉන් එහාට කථා කරන්න දෙයක් නෑ.

මාධ්‍යවේදියා - හැබැයි මේක කණ්ඩායම් ක්‍රීඩාවක්. අනිත් අයගේ සහයෝගය කොහොමද ඔබට ලැබුනෙ මේ තරගාවලියෙදි?
මාලිංග - හැමෝගෙම සහයෝගය තිබුණා.

මාධ්‍යවේදියා - එහෙනම් පරාජය වෙන්න මොකක් හරි හේතුවක් තියෙන්න එපායැ?
මාලිංග - සහයෝගය සහ දක්ෂතාවය කියන්නෙ වචන දෙකක්.

මාධ්‍යවේදියා - අපේ කණ්ඩායමේ එකමුතු භාවයක් නැහැ නේද?
මාලිංග - කවුද කියන්නේ?

මාධ්‍යවේදියා - දැකපු විදයට අපිට නම් හිතෙන්නේ එහෙම තමයි.
මාලිංග - ඔයගොල්ලො දකින්නේ එළියෙ ඉඳන්නේ. අපි තමයි මැද ඉන්නේ. එළියෙ ඉදන් දකින අයට උත්තර දෙන්න මම කැමති නැහැ.

මාධ්‍යවේදියා - විශාල ප්‍රේක්ෂක පිරිසක් ලංකාව ගැන බලාපොරොත්තු තියාගෙන හිටියා.
මාලිංග - අපිත් එහෙමයි.

මාධ්‍යවේදියා - ඉතින් ඒ වගේ දෙවල් ගිළිහිගෙන යද්දි මොකද හිතෙන්නේ?
මාලිංග - ප්‍රේක්ෂකයා වගේම තමයි ක්‍රීඩකයත්. ක්‍රීඩකයත් ක්‍රීඩා කරන්නේ තරග ජයග්‍රහණය කරන්න. ඒ නිසා ඒක ඒ විදියට තමයි බලාපොරොත්තු වෙන්න වෙන්නේ.

මාධ්‍යවේදියා - කණ්ඩායමේ ක්‍රීඩකයෝ කළකිරීමකින්ද ක්‍රීඩා කරන්නේ?
මාලිංග - නැහැ.

මාධ්‍යවේදියා - ඔබ හිතට එකඟවද කතා කරන්නේ?
මාලිංග - ඔව්.

මාධ්‍යවේදියා - ඔබ ඉදිරියෙදි ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන්?
මාලිංග - මම ක්‍රිකට් ආයතනයට කතා කරලා, ඒගොල්ලන්ට අවශ්‍ය දේ අනුව තමයි මම තීරණයක් ගන්නේ.
 
මාධ්‍යවේදියා - ඔබ සතුටු වෙනවද ඔබගෙ අනිත් ක්‍රීඩකයෝ ක්‍රීඩා කරපු ආකරය ගැන?
මාලිංග - තරග පරාජය වෙලා තියෙද්දි ඔයා ඔය වගේ ප්‍රශ්නයක් අහන එක ගැන මට හරි කණගාටුයි, තරග පරාජය වෙලා මං සතුටු වෙනවද කියල අහන එක ඔයා බුද්ධිමත් මාධ්‍යවේදියෙක් විදියට ඒක නොකළ යුතු දෙයක්.

මාධ්‍යවේදියා - ක්‍රිකට් ක්‍රීඩාව නැවත නංවාලීමට ඔබගේ දැනුමෙ හැටියට මොකක්ද කළ යුත්තේ?
මාලිංග - එක මට අදාල කාරණාවක් නෙමෙයි. ඒකට බලධාරීන් ඉන්නවා.

මාධ්‍යවේදියා - තරගාවලිය ජයග්‍රහණය කරලා ආව නම් ඔබලාව පිළිගන්න ඕන තරම් කට්ටිය ඉන්නවා මල් මාලා දාලා. හැබැයි මේ වෙද්දි කවුරුවත් නැහැ. ඒ ගැන මොකද හිතන්නේ?
මාලිංග - ඒක තමයි යථාර්ථය.

මාධ්‍යවේදියා - ඔබ කතා කරන්නේ බලධාරීන් ගැනද?
මාලිංග - බලධාරීනුත් එහෙමයි, මාධ්‍ය වේදීනුත් එහෙමයි. ජයග්‍රහණය කළොත් ඕන තරම් මල් මාලා දාන්න කට්ටිය ඉන්නවා. පරාජය වුණොත් මේ වගේ තමයි.

මාධ්‍යවේදියා - ඔබට විශේෂ යමක් කියන්න තියෙනවාද?
මාලිංග - නැහැ. මොනවත් කියන්න නැහැ.

-036

 


අදහස් (5)

සහයෝගය සහ දක්ෂතාවය කියන්නෙ වචන දෙකක්
  • sam Monday, 08 July 2019 02:05 PM

    මාලිංග කිව්ව දේ හරි . මාධ්‍යවේදීන්ට ගැළපෙනම උත්තර දුන්නා .

    Reply 0       0

    sam Monday, 08 July 2019 02:06 PM

    මාලිංග කිව්ව දේ හරි .....

    Reply 0       0

    Sudath Monday, 08 July 2019 02:39 PM

    ඔබ ක්‍රිීඩාවට සහ කථිකත්වයට දක්ෂයි .

    Reply 0       0

    upula Monday, 08 July 2019 04:06 PM

    යහපත් ප්‍රතිචාර ....

    Reply 0       0

    janamatha Tuesday, 09 July 2019 05:12 AM

    ලංකාවේ ක්‍රිකට් සලකුණ, නියම පිළිතුර දීලා තියෙනවා.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.