Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සුන්දරම් රවීට අසුන්දර කතාවක්

සුන්දරම් රවීට අසුන්දර කතාවක්

editorial - 2019 මැයි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ ඉහළතම විනිසුරු මණ්ඩලයේ සිටින එකම ඉන්දීය විනිසුරුවරයා වන සුන්දරම් රවී මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම මණ්ඩලයෙන් ඉවත් කිරීමට නියමිතව බව වාර්තා වේ. ඉකුත්දා අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරු කමිටුව විසින් මෙම තීරණය ගනු ලැබ ඇත්තේ සුන්දරම් රවී මහතා එංගලන්තයේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කරන ලද විනිසුරුවන් 16 දෙනා අතරටද ඇතුළත්ව සිටින අවස්ථාවකදීය.

සුන්දරම් රවී මහතා 2015 වසරේදී අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ ඉහළතම විනිසුරු මණ්ඩලට පත්වූයේ වසර 11 කට පසු එම මණ්ඩලයට පත්වූ ඉන්දීය විනිසුරුවරයා ලෙසිනි. ඔහුට පෙර එම මණ්ඩලයේ සිටි ඉන්දීය විනිසුරුවරයා වූ ශ්‍රීනිවාසන් වෙන්කට්රාඝවන් මහතා 2004 වසරේදී සේවයෙන් විශ්‍රාම ගියේය.  

රවී මහතාගෙන් පසුව ඉහළතම විනිසුරු මණ්ඩලට පත්වීමට අවස්ථාවක් තිබූ තවත් ඉන්දීය විනිසිරුවරයකු ලෙස නැගීඑන විනිසුරු මණ්ඩලයේ සිට සී. සම්සුදීන් මහතා හැදින්විය හැකිව තිබුණද, ඉකුත් වසරේදී ඔහුද එම මණ්ඩලයෙන් ඉවත් කරනු ලැබිණ.  

“ඉහළතම විනිසුරු මණ්ඩලය කියන්නේ ඉතාමත් තරගකාරී වගේම දැඩි පීඩනයක් සහිත, රැදී සිටීමට අපහසු තැනක්. පසුගිය අවුරුදු 2 පුරා ඒ මණ්ඩලයේ ඉන්න විනිසුරුවන් 12 අතර රවී හිටියේ පහළම කොටසේ.” යැයි අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නිලධාරියෙක් පැවසීය.

මේ වන විට 53 වැනි වියේ පසුවන රවී මහතා, මෙවර අයි.පී.එල්. තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර පැවැති තරගයකදී ලසිත් මාලිංග යැවූ නිපන්දුවක් හඳුනා ගැනීමට අපොහොසත් විමද මතභේදයට තුඩු දුන් සිදුවීමක් විය.

එය බැංගලෝර් ඉනිමේ අවසන් පන්දුව වූ අතර තරගය ජයගැනීමට සඳහා ඔවුන්ට එහිදී ලකුණු 7 ක් රැස්කිරීමට සිදුව තිබිණ. එම පන්දුවේදී එකම ලකුණක් හෝ ලබාගැනීමට බැංගලෝර් පිතිකරුවන් අසමත් වූ නමුත් එය නිපන්දුවක් බවට විනිසුරුවරයා සංඥා කළේ නම් ඔවුන්ට තවත් පන්දුවක් මෙන්ම ජයග්‍රහණය සඳහා ලකුණු 6 ක නව ඉලක්කයක්ද හිමිවනු ඇත.  

එම සිදුවීමෙන් අනතුරුව බැංගලෝර් කණ්ඩායමේ නායක විරාට් කෝලි, තරගයේ ප්‍රධාන විනිසුරුවරයා ලෙස කටයුතු කළ රවී මහතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක ස්වරූපයෙන් අදහස් දැක්වීය.

“අපි මේ ක්‍රීඩා කරන්නේ අයි.පී.එල්. මට්ටමේ මිසක් ක්‍රීඩා සමාජ මට්ටමේ නෙමෙයි. එය නිපන්දුවක් ලෙස සංඥා නොකිරීම හරිම විහිළු සහගතයි. විනිසුරුවො එයාලගෙ ඇස් ඇරගෙනයි ඉන්න ඕන. ඒක අඟලකින් පමණ සීමාව පසුකර ගිය නිපන්දුවක්.” යැයි මෙම නිපන්දුව සම්බන්ධයෙන් ඉන්දීය නායක කෝලි පැවසීය.

ලබා දෙන තීරණවල පවතින සත්‍ය අසත්‍යතාවයන් මත විනිසුරවන්ට ලකුණු ලබාදීමේ පටිපාටියක් අන්තර් ජාතික ක්‍රිකට් සභාව මගින් හඳුන්වා දී ඇති අතර මෑතකදී පැවැති අන්තර් ජාතික ක්‍රිකට් තරගවලදී ලබාදුන් දුර්වල තීරණ කිහිපයක් හේතුවෙන් රවී මහතාගේ ලකුණු අඩුවෙමින් පැවැති බවද වාර්තා වේ.


-036

 


අදහස් (0)

සුන්දරම් රවීට අසුන්දර කතාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.