Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉසුරු උදාන එයි

ඉසුරු උදාන එයි

යොහාන් භාසුර - 2020 නොවැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි පළමු කණ්ඩායම ලෙස එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පැවැති ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන ඇතුළු සාමාජිකයෝ තිදෙනකු ඊයේ (11) අළුයම පැමිණියහ. මෙම තිදෙනා ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණ මේ වන විට කොළඹට ආසන්න හෝටලයක නිරෝධානයට යොමු කර තිබේ.

එල්.පී.එල්. තරගාවලියේ පන්දු රැකීමේ පුහුණුකරුවකු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු අභ්‍යාසක මාරියෝ වෙල්ලවරායන් සහ එල්.පී.එල්. තරගාවලියේ විශේෂඥා විස්තර විචාරක මඩුල්ලට ඇතුළත්ව සිටින බටහිර ඉන්දීය හිටපු ක්‍රීඩක ඩැරන් ගංගා ඊයේ පැමිණි කණ්ඩායමේ සෙසු සාමාජිකයෝ වෙති.

ඉසුරු උදාන අයි.පී.එල්. තරගාවලියේදී බැංගලෝර් පිල නියෝජනය කළ අතර බැංගලෝර් පිල අවසන් වටයෙන් තරගාවලියෙන් ඉවතට විසිවිය.  

මාරියෝ විල්ලවරායන් මෙවර අයි.පී.එල්. තරගාවලියේ හයිද්‍රාබාද් පිලේ පුහුණුකරුවකු ලෙස ද, ඩැරන් ගංගා විශේෂඥා විස්තර විචාරකයකු ලෙස ද කටයුතු කළහ.  

 


අදහස් (0)

ඉසුරු උදාන එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.