Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියාවට ලකුණු 78 ක ජයක්

ඉන්දියාවට ලකුණු 78 ක ජයක්

editorial - 2020 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ ලෝකේෂ් රාහුල් (54) සහ ෂිකාර් ධවාන් (52) එක්ව ගොඩනැංවූ ලකුණු 97 ක සවිමත් අත්තිවාරම මත සිට ගනිමින් කිසිම අපහසුතාවකින් තොරව ශ්‍රී ලංකා පිල අමාරුවේ දැමීමට ඉන්දියානුවෝ සමත් වූහ. පූනේ නුවරදී අද (10 වැනිදා) පැවැති තුන්වැනි සහ අවසන් විස්සයි-20 තරගයේදී ලකුණු 78 ක පහසු ජයක් ලබාගත් ඉන්දීය කණ්ඩායම තරග තුනකින් සමන්විත තරගාවලියේදී 2-0 ක ජයක් ලබාගත්හ.

ගුවහටි නුවරදී පැවැති පළමු තරගය වර්ෂාවට සේදී ගියේය.

ලකුණු 202 ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් අතුරින් සාර්ථක වූයේ පන්දු යවන්නකු ලෙසින් කණ්ඩායමට එක්වූ ධනංජය ද සිල්වා (57) සහ වසර එක හමාරකට ආසන්න කාලයකට පසුව කණ්ඩායමට පැමිණි ඇන්ජලෝ මැතිව්ස් (31) දෙදෙනා පමණි. සෙසු පිතිකරුවන් නව දෙනාටම ලබාගත හැකිවූයේ ලකුණු 35 කි.

ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 15.5කදී ලකුණ 123 කට දැවී ගියේය.

කාසියේ වාසිය දිනාගත් ලසිත් මාලිංග කිසිදු පැකිළීමකින් තොරවම පන්දු යැවීම තෝරා ගත්තේ රාත්‍රිය දිගු වන විට පින්න පතිත වන හෙයින් පන්දු යැවීම අපහසු වන බැවිනි. එහෙත් ෂතුටු සිතින් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය පිල වෙනුවෙන් ලකුණු 97 ක සාර්ථක අඩිතාලමක් දැමීමට ෂිකාර් ධවාන් සහ ලෝකේෂ් රාහුල් සමත් වූහ. එතැන් සිට ඉන්දියානුවන්ට ඉතිරිවතිබූ පන්දු 55 කදී ඔවුන් පිතිකරුවෝ 9 දෙනෙක් ක්‍රීඩාගාරයේ සිටියහ.

මෙම වාසිදායක තත්ත්වයෙන් උපරිම ප්‍රයෝජන ගත් ඉන්දීය පිතිකරුවෝ අත දිගහැර පන්දුවට පහර දෙමින් පන්දු 55 කදී තවත් ලකුණු 104 ක් ලබාගත්හ.

ලසිත් මාලිංගගේ ඕවර 4 න් ලකුණු 40 ක් උදුරා ගැනීමට ඉන්දීය පිතිකරුවන් සමත් වූයේ ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා මෙන්ම ළහිරු කුමාරගේත් පන්දු යැවීම තඹයකට මායිම් නොකරමිනි. දඟ පන්දු යවන්නන් දෙදෙනා වූ වනිඳු හසරංග සහ ලක්ෂාන් සඳකැන් තරමක් දුරට ඉන්දීය පිතිකරුවන් පාලනය කරගැනීමට සමත් වූහ.

..


අදහස් (0)

ඉන්දියාවට ලකුණු 78 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.