Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තයට එරෙහිව ගාල්ලේදී ලබන 14 වැනිදා (බ්‍රහස්පතින්දා) ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඇතුළත්ව සිටි තරුණ ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය අසමත්වී තිබේ. එබැවින් ඔහුව සංචිතයෙන් ඉවත් කර තිබේ.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය අසමත්වීම නිසා අවිෂ්ක නැවත කොළඹට පිටත්කර යැවීමට කණ්ඩායම් කළමනාකාරිත්වය පියවර ගත්තේය.
දකුණු අප්‍රිකානු සංචාරය සඳහා නම් කළ 22 යුත් සංචිතයට ඇතුළත් නොවූ මැදපෙළ පිතිකරු රොෂේන් සිල්වා, වේග පන්දු යවන නුවන් ප්‍රදීප්, චයිනමන් පන්දු යවන ලක්‍ෂාන් සඳකැන් සහ දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් මෙම සංචිතයට කැඳවා සිටිති. රොෂේන් සිල්වා ටෙස්ට් තරග 12 කදී සාමාන්‍ය 35.10 ක් පවත්මින් සිටියදී 2019 වසරේ ඕස්ටේ්‍රලියාවට එරෙහිව අසාර්ථක වීම නිසා සංචිතයෙන් ඉවත්කිරීමෙන් පසුව නැවත කැඳවා සිටීම කැපී පෙනේ.
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) තරගාවලියේදී ආබාධයට ලක්ව දකුණු අප්‍රිකානු සංචාරය අහිමිවූ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නැවත සංචිතයට එකතුව සිටියි. දකුණු අප්‍රිකාවේදී ආබාධයන්ට ලක්වූ ධනංජය ද සිල්වා සහ කසුන් රාජිත විවේක ගන්වා සිටින අතර ඩිල්ෂාන් මධුසංඛ සංචිතයෙන් ඉවත්කර තිබේ.
දකුණු අප්‍රිකානු සංචාරයට සහභාගි වූ ක්‍රීඩකයන් 21 දෙනාගෙන් හත්දෙනකුම ආබාධයන්ට ලක්වීම නිසා ශාරීරික යෝග්‍යතාව නොමැති කිසිදු ක්‍රීඩකයකු එළඹෙන සංචාරවලට ඇතුළත් නොකරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තේරීම් කමිටුවට දැනුම් දුන්නේය. ඒ අනුව සංචිතයට ඇතුළත් වන සියලුම ක්‍රීඩකයන් ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයකට මුහුණ දිය යුතුය.
ප්‍රවේගකාරී පිතිකරුවකු වන 22 හැවිරිදි අවිෂ්ක, එක්දින ජාත්‍යන්තර තරග 18 කදී සහ විස්සයි20 ජාත්‍යන්තර තරග 15 කදී ශ්‍රී ලංකා පිල නියෝජනය කර ඇති අතර එල්.පී.එල්. තරගාවලියේ ද කැපී පෙණුනු පිතිකරුවකු බවට පත්විය. ශ්‍රී ලංකා පිලේ නිලධාරීයකුගෙන් අවිෂ්කගේ අනාගතය පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ ඔහු ඉදිරියේදී ශාරීරික යෝග්‍යතාව සම්පූර්ණ කරගැනීමෙන් පසුව නැවත කණ්ඩායමට පැමිණීමට බාධාවක් නොමැති බවයි.
“ඔහු ඒ සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව අභ්‍යාසකවරුන් උපදෙස් දෙනවා. ඒ වගේම අඛණ්ඩව ක්‍රියාත්මක කරන්න සැළැස්මකුත් ඔහුට ලැබෙයි. ඒ අනුව කටයුතු කරාම ඔහුට සුදුසු යෝග්‍යතාවයට එන්න පුළුවන්” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
දකුණු අප්‍රිකාවේ සිට පෙරේදා (9) පෙරවරුවේ මත්තල දක්වා පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම ගාල්ලේ නවාතැන් ගෙන සිටියි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.