Last Update  :  2024-04-22 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අකිල ධනංජයට පන්දු යැවීමට අවසර

අකිල ධනංජයට පන්දු යැවීමට අවසර

ශානුක අරවින්ද - 2021 ජන මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 සිය පන්දු යැවීමේ ඉරියව්ව සංශෝධනය කිරීමෙන් පසුව පෙනී සිටි පරීක්ෂණයේදී ශ්‍රී ලංකා පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල බවට තහවුරු වී තිබේ. ඒ සම්බන්ධයෙන් නිරීක්‍ෂණය කළ මණ්ඩලයේ ඒකමතික නිගමනය වූයේ පන්දු යැවීමේදී ඔහුගේ අත නැමෙන ප්‍රමාණය අංශක 15 සීමාවේ පවතින බවයි.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව ඊයේ (8 වැනිදා) නිකුත් කරන ලද නිවේදනයතට අනුව ඔහුට නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී පන්දු යැවීම ආරම්භ කළ හැකි වනු ඇත.

නවසීලන්තයට එරෙහිව ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයකදී පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බවට වාර්තා වීමෙන් පසු ධනංජයට ජාත්‍යන්තර තරගවලදී පන්දු යැවීම වසරකට තහනම් කෙරිණ. එම තහනම 2019 වසරේ අගෝස්තු 29 වැනිදා අවසන් විය.

කොවිඞ්-19 වයිරසය සම්බන්ධයෙන් පනවා ඇති විවිධ සීමාවන් හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ බලය ලත් මධ්‍යස්ථානයකට පැමිණීම මෙන්ම අදාළ පරීක්‍ෂණ කළ නොහැකි බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සපයන ලද අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව් සහිත වීඩියෝ දර්ශන විශේෂඥ කමිටුවක අධීක්ෂණයට ලක් කෙරිණ.

ඉදිරියේදී පැවැත්වෙන තරගවලදී තරග නිලධාරීන්ට සහාය වීම සඳහා අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්වේ වාර්තා, ඡායාරූප සහ වීඩියෝ දර්ශන ඔවුන්ට ලබා දීමටද අන්තර්ජාතික ක්‍රිකට් සභාව පියවර ගනු ඇත.

 


අදහස් (0)

අකිල ධනංජයට පන්දු යැවීමට අවසර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.