Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ට්‍රේලියාව ඉනිමකින් පාකිස්තානය පරදවයි

ඕස්ට්‍රේලියාව ඉනිමකින් පාකිස්තානය පරදවයි

editorial - 2019 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ඇඩිලේඞ්හිදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 48 ක ජයක් අත්කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද (2 වැනිදා) සමත් විය. මෙම ජයත් සමග දෙරට අතර පැවැති තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමටද ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ සමත් වූහ.

ඉනිමක පරාජයකින් ගැළවීම සඳහා ලකුණු 287 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණදුන් පාකිස්තාන කණ්ඩායමට සිය දෙවැනි ඉනිම වෙනුවෙනු සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 239 ක් පමණි. එහිදී අර්ධ ශතක ලබාගැනීමට ආරම්භක පිතිකරු ශාන් මසූද් (68) සහ අසාද් ශෆීක් (57) සමත් වුවද, ඔවුන්ට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි වූහ.

තෙවැනි දිනය වූ ඊයේ (1 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 39 ක් ලබා සිටි පාකිස්තාන ක්‍රීඩකයෝ අද දිනයේදී සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 200 ක් එක්කරගත්හ. දක්ෂ පන්දු යැවීමක නිතර වූ නේදන් ලයන් ලකුණු 69 කට කඩුලු 5 ක් බිඳහෙළමින් පාකිස්තාන දෙවැනි ඉනිම අඩ පණ කළේය.

එහිදී පාකිස්තාන ඉනිමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 103 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට මසූද් සහ ශෆීක් සමත් වූහ. මසූද්ගේ 6 වැනි ටෙස්ට් අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 8 කින් සමන්විත වූ අතර ශෆීක්ගේ 25 වැනි ටෙස්ට් අර්ධ ශතකයට හතරේ පහර 5 ක් ඇතුළත් විය.

ලයන්ගේ පන්දුවක් හමුවේ මිචෙල් ස්ටාක් අතට උඩපන්දුවක් දෙමින් මසූද් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් වූ අතර එතැන් පටන් පාකිස්තාන ලකුණු පුවරුවට තවත් ලකුණු 31 ක් එක්වන විට ශෆීක්ද පිටියෙන් ඉවත් කිරීමට ලයන් සමත් විය. මොහොමඞ් රිස්වාන් හතරේ පහර 4 ක් සමග රැස්කළ ලකුණු සංඛ්‍යාව 45 කි.


ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - කඩුලු 3 ක් දැවී 589
(ඩේවිඩ් වෝනර් නොදැවී 335, මානස් ලැබුස්චේන් 162, ස්ටීවන් ස්මිත් 36, මැතිව් වේඞ් නොදැවී 38, ශහීන් අෆ්රිඩි 88/3)

පාකිස්තාන පළමු ඉනිම - සියලු දෙනා දැවී 302
(ශාන් මක්සූද් 19, බාබර් අසාම් 97, යසීර් ෂා 113, මොහොමඞ් අබ්බාස් 29, මිචෙල් ස්ටාක් 66/6, පැට් කමින්ස් 83/3)

පාකිස්තාන දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 239
(ශාන් මක්සූද්  68, අසාද් ශෆීක් 57, ඉෆ්තිකර් අහමඞ් 27, මොහොමඞ් රිස්වාන් 45, නේදන් ලයන් 69/5, ජොස් හෙසල්වුඞ් 63/3)  


-036

 


අදහස් (0)

ඕස්ට්‍රේලියාව ඉනිමකින් පාකිස්තානය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.