Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ට්‍රේලියාවට 2-0 ක තරගාවලි ජයක්

ඕස්ට්‍රේලියාවට 2-0 ක තරගාවලි ජයක්

editorial - 2019 නොවැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක පාකිස්තානු කණ්ඩායමට එරෙහිව පර්ත්හිදී අද (8 වැනිදා) පැවැති තරගයේදී කඩුලු 10 ක පහසු ජයක් ලැබූ ඕස්ට්‍රේලියාව දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත වූ විස්සයි20 තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමට සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 107 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියාව ඕවර 11.5 කදී කිසිවකු නොදැවී පහසුවෙන් ඉලක්කය හඹායෑමට සමත්විය.

වේගවත් ආරම්භයක් ලබාගත් ඬේවිඞ් වෝනර් පන්දු 35 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 48 ක් රැස්කළ අතර ඒරන් ෆින්ච් පන්දු 52 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 52 ක් රැස්කරමින් ඔවුන්ම තරගය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදීම සඳහා පාකිස්තානයට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 106 ක් පමණි.

ඉෆ්තිකාර් අහ්මඞ් පන්දු 37 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 45 ක් රැස්කරමින් හුදකලා සටනක නිරතවූ අතර අනෙක් පිතිකරුවන්ට සාර්ථක වීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ අවස්ථාවක් ලබානොදුන්හ.
ඉෆ්තිකාර් අහ්මඞ්ට අමතරව ලකුණු 10 සීමාව පසුකිරීමට හැකිවූයේ ඉමාම් උල් හක්ට පමණි.

කේන් රිචඞ්සන් සිය ඕවර 4 ලකුණු 18 කට සීමාකරමින් කඩුලු 3 ක් දවාගත් අතර සීන් ඇබට් ඕවර 4 ක් යවමින් ලකුණු 14 කට කඩුලු 2 ක් දවාගත්තේය. මිචෙල් ස්ටාර්ක් ලකුණු 29 කට කඩුලු 2 ක් දවාගැනීමට සමත්විය.

සීන් ඇබට් තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගන්නා විට තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය ස්ටීවන් ස්මිත් විසින් දිනාගන්නා ලදී.


පාකිස්තානය - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 106
(ඉෆ්තිකාර් අහ්මඞ් 45, කේන් රිචඞ්සන් 18/4, සීන් ඇබට් 14/2, මිචෙල් ස්ටාර්ක් 29/2)
 
ඕස්ට්‍රේලියාව - ඕවර 11.5 කදී කිසිවකු නොදැවී 109
(ඬේවිඞ් වෝනර් නොදැවී 48, ඒරන් ෆින්ච් නොදැවී 52)

...


අදහස් (0)

ඕස්ට්‍රේලියාවට 2-0 ක තරගාවලි ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.