Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ට්‍රේලියානු කාන්තා පිලෙන් ලෝක වාර්තාවක්

ඕස්ට්‍රේලියානු කාන්තා පිලෙන් ලෝක වාර්තාවක්

editorial - 2021 අප්‍රේ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මැග් ලෙනින්ගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අඛණ්ඩව ජාත්‍යන්තර එක්දින තරග 22ක් ජය ගනිමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට අද (4 වැනිදා) සමත් විය.

2003 වසරේ දී රිකී පොන්ටින්ගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියානු පිරිමි කණ්ඩායම අඛණ්ඩව එක්දින තරග 21ක් ජය ගනිමින් මීට පෙර තබා තිබූ එම වාර්තාව මේ අනුව බිඳවැටෙනු ඇත.

නවසීලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කරමින් මෙම ලෝක වාර්තාව තැබීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ සමත්වූහ.

කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු නායිකාව පළමුව පන්දුවට පහරදීම සඳහා නවසීලන්තයට ආරාධනා කළ අතර ඕවර 48.5 කදී සියලුදෙනා දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 212 ක් පමණි.

ලොරේන් ඩවුන් පන්දු 134 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 90 ක් රැස්කරමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර නායිකා ඇමී සැටර්ත්වෙයිට් ලකුණු 32 ක් සහ අමේලියා කේර් ලකුණු 33 ක් රැස්කරමින් නවසීලන්තය ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්වූහ.

මේගන් ස්චට් කඩුලු 4 ක් සහ නිකොලා කේරී කඩුලු 3 ක් දවාගනිමින් නවසීලන්තය අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකිරීමට සමත්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 213 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියාව ඕවර 38.3 කදී කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය සම්පූර්ණ කිරීමට සමත්විය. ඇලීසා හීලී (65), එලීසා පේරී (නොදැවී 56) සහ ඈෂ්ලි ගාඩ්නර් (නොදැවී 53) අර්ධ ශතක රැස්කරමින් ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

 

- 2079


අදහස් (0)

ඕස්ට්‍රේලියානු කාන්තා පිලෙන් ලෝක වාර්තාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.