Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ට්‍රේලියානුවෝත් සටනට බසිති

ඕස්ට්‍රේලියානුවෝත් සටනට බසිති

editorial - 2020 සැප් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සත්කාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව මැන්චෙස්ටර්හිදී පැවැති පළමු එක්දින තරගය ලකුණු 19 කින් ජයගැනීමට ඕස්ට්‍රේලියාව පසුගියදා සමත්විය. අයි.සී.සී. ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලිය යටතේ පැවැති මෙම තරගය ඕස්ට්‍රේලියාව ජයගැනීමත් සමඟ ඔවුන්ට ප්‍රසාද ලකුණු 10 ක් හිමිවිය.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ එක්දින ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලිය ආරම්භ වීමෙන් පසුව ඕස්ට්‍රේලියාව සහභාගි වූ පළමු එක්දින තරගය මෙයයි. මෙම සුපර් ලීග් තරගාවලිය සඳහා කණ්ඩායම් 13 ක් සහභාගි වන අතර ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින්ම තිබෙන කණ්ඩායම් 8 (ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක රටද ඇතුළත්ව) ලෝක කුසලාන තරගාවලිය සඳහා නිරායාසයෙන් සුදුසුකම් ලබාගනු ඇත. 

කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුව පන්දුවට පහරදීමට ඕස්ට්‍රේලියාවට ආරාධනා කළ අතර ඔව්හු ඕවර 50 අවසානයේදී කඩුලු 9 ක් දැවී ලකුණු 294 ක් රැස්කිරීමට සමත්වූහ.

ලකුණු 123 කට කඩුලු 5 ක් අහිමිකර ගනිමින් දෑඩි අසීරූ තත්වයකට පත්ව සිටි ඕස්ට්‍රේලියාව ඉන් මුදවා ගැනීමට මිචෙල් මාෂ් සහ ග්ලෙන් මැක්ස්වෙල් සමත්වූහ. ඔවුන් දෙදෙනා එක්ව 6 වැනි කඩුල්ල සඳහා පන්දු 119 කදී ලකුණු 126 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වුහ.

මිචෙල් මාෂ් පන්දු 100 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 73 ක් රැස්කළ අතර ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 59 කදී හයේ සහ හතරේ පහර 4 බැගින් ලබාගනිමින් ලකුණු 77 ක් රැස්කිරීමට සමත්විය. මාකස් ස්ටොයිනිස් පන්දු 34 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 43 ක් ලබාගනිමින් ඕස්ටේ්‍රලියානු ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්විය. ජොෆ්රා ආචර් සහ මාක් වුඞ් කඩුලු 3 බැගින් සහ අදිල් රෂීඞ් කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 295 ක ඉලක්කයක් හඹාගිය එංගලන්තයට ඕවර 50 අවසානයේදී කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 275 ක් පමණි. 

සෑම් බිලිංග්ස් ශතකයක් (118) සහ ජොනී බෙයාර්ස්ටෝ අර්ධ ශතකයක් (84) ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වුවද සෙසු පිතිකරුවන්ගේ නිසි සහයෝගය නොලැබීම හේතුවෙන් ඔවුන්ට පරාජය වැළඳ ගැනීමට සිදුවිය.  සෑම් බිලිංග්ස් පන්දු 100 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 14 ක් සමගින් ලකුණු 118 ක් රැස්කළ අතර ජොනී බෙයාර්ස්ටෝ පන්දු 107 කදී හයේ සහ හතරේ පහර 4 බැගින් ලබාගනිමින් ලකුණු 84 ක් රැස්කිරීමට සමත්විය. සෑම් බිලිංග්ස් සහ ජොනී බෙයාර්ස්ටෝ එක්ව 5 වැනි කඩුල්ල සඳහා පන්දු 115 කදී ලකුණු 113 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ.

ඇඩම් සම්පා කඩුලු 4 ක් සහ ජොෂ් හේසල්වුඞ් කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ඕස්ට්‍රේලියාව - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 294
(මිචෙල් මාෂ් 73, ග්ලෙන් මැක්ස්වෙල් 77, මාකස් ස්ටොයිනිස් 43, මානස් ලැබුස්චේන් 21, ජොෆ්රා ආචර් 57/3, මාක් වුඞ් 54/3, අදිල් රෂීඞ් 55/2) 

එංගලන්තය - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 275
(සෑම් බිලිංග්ස් 118, ජොනී බෙයාර්ස්ටෝ 84, ඔයින් මෝගන් 23, ඇඩම් සම්පා 55/4, ජොෂ් හේසල්වුඞ් 26/3)


අදහස් (0)

ඕස්ට්‍රේලියානුවෝත් සටනට බසිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.