Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඇලෙක්ස් හේල්ස්ට වියළි කැස්සක්

ඇලෙක්ස් හේල්ස්ට වියළි කැස්සක්

editorial - 2020 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තමන්ට කොරෝනා (කොවිඩ් -19) වෛරසය වැළඳී ඇතැයි ක්‍රිකට් ලෝකය තුළ සහ සමාජ මාධ්‍ය තුළ දැනට පැතිර යන අනුමාන හා කටකතා හේතුවෙන් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ඇලෙක්ස් හේල්ස් ඔහුගේ තත්වය පිළිබඳ පූර්ණ පැහැදිලි කිරීමක් සිය ටිවිටර් ගිණුමේ සඳහන් කර ඇත.

“අනෙකුත් බොහෝ විදේශීය ක්‍රීඩකයින් මෙන් මමත් කලින්ම පාකිස්තාන් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්ව සිය රට බලා ආවෙමි. මන්දයත්, කොවිඞ් -19 ගෝලීය වසංගත තත්ත්වයට පත්වීමත් සමඟම, නිවසේ සිට සැතපුම් දහස් ගණනක් දුර සිට අගුලු දැමීමේ තත්ත්වයකට මුහුණ දීමට වඩා මගේ පවුලේ අය සමඟ සිටීම වැදගත් යැයි මට හැඟුණි.”

“සෙනසුරාදා උදේ පාන්දරින්ම එංගලන්තය වෙත මම ආපසු පැමිණියේ පරිපූර්ණ සෞඛ්‍ය සම්පන්න බවකින් සහ වෛරසයේ කිසිදු රෝග ලක්ෂණයක් නොමැතිවය...කෙසේ වෙතත්, ඉරිදා උදේ පාන්දරින්ම අවදිවන විට මට උණ වැළඳී තිබූ ඇති අතර රජයේ උපදෙස් අනුගමනය කරමින් හුදකලාව ස්වයං නිරෝධනයකට මුහුණදී සිටිමි”

“කෙසේ නමුත් වියළි හා නොනැසී පවතින කැස්සක් වර්ධනය වෙමින් තිබේ
“මෙම අවස්ථාවෙහිදී එය පරීක්ෂා කිරීමට නොහැකි වී ඇතත්, අද දිනයෙන් පසුව පරීක්ෂා කිරීමට හැකිවනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි... එවිට මගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පූර්ණ තහවුරු කිරීමක් ලබා ගත හැකි වේවි” යයි සඳහන් ලිපියක් ඇලෙක්ස් හේල්ස් සිය ටිවිටර් ගිණුමට එක්කර තිබේ.

හේල්ස් කරච්චි කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේය.

ඇලෙක්ස් හේල්ස්ට කොරෝනා වයිරසය වැළදීමේ ලක්ෂණ පහළ වී තිබූ හෙයින් පාකිස්තානු සුපිරි ලීග් තරගාවලිය අතරමග නතර කර දැමීමට පාකිස්තානයට සිදුවිය. තරගාවලියේ අවසන් පූර්ව තරග ආරම්භ කළ නොහැකි විය.

මෙම තත්ත්වය හේතුවෙන් පාකිස්තානු සුපර් ලීග් තරගාවලියට සහභාගි වීම සඳහා පැමිණ සිටි එංගලන්ත, ඕස්ටේ්‍රලියානු, නවසීලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ රැසක්ම ආපසු සිය රටවල් බලා ගියහ.

ශ්‍රී ලංකා පිලේ හිටපු ආරම්භක පිතිකරුවකු වන රොෂාන් මහානාම මහතා තරගාවලියේ තරග තීරකවරයකු ලෙසින් කටයුතු කළේය. තරගාවලිය නැවැත්වූ වහාම නැවත්ත ශ්‍රී ලංකාවට පැමිණි මහානාම මහතා මේ වන විටත් ස්වයං නිරෝධායන ක්‍රියාවලියට යොමුව සිටින බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් රොෂාන් මහානාම මහතාගෙන් කළ විමසීමකදී මහානාම මහතා පවසා සිටියේ තමන් ඉතාමත් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවයි.

“මට ඕනෑ නම් දැන් වුණත් ව්‍යායාම ශාලාවකට ගිහින් ව්‍යායාම කරන්න පුළුවන්. නැත්නම් ඇවිදින්න යන්න පුළුවන්. ඒත් මම රට ඉඳලා ආව නිසා මේ වෙලාවේ ඒක කරන්න බෑ.....මොකද අපි අනෙක් අයත් කරන දේට අනුගත වෙන්න ඕනෑ.. ඒ නිසා මම දවස් 14 ක් හුදෙකලා වී ඉන්නවා” යයි මහානාම මහතා පැවසීය.

...


අදහස් (0)

ඇලෙක්ස් හේල්ස්ට වියළි කැස්සක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.