Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඒස් කැපිටල් ක්‍රිකට් සමාජයේ සභාපති ධුරය ප්‍රියත් වික්‍රමට

ඒස් කැපිටල් ක්‍රිකට් සමාජයේ සභාපති ධුරය ප්‍රියත් වික්‍රමට

editorial - 2020 ඔක් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඒස් කැපිටල් ක්‍රීඩා සමාජයේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය ප්‍රියත් බී. වික්‍රම මහතා තේරී පත්වී සිටී. එහි ලේකම්වරයා වශයෙන් නලීන් අපොන්සු මහතාද භාණ්ඩාගාරික වශයෙන් අගිල් හේවාගීගන මහතාද පත්ව සිටිති.

වැල්ලවත්ත සෆායර් හෝටලයේදි පසුගියදා පැවැති ඒස් කැපිටල් ක්‍රිකට් සමාජයේ 26 වැනි මහා සභා රැස්වීමේදී ඉදිරි වර්ෂය සඳහා නව නිලධාරීන් පත් කර ගන්නා ලදි. එහිදී විශ්‍රාමික මේජර් ජෙනරල් එම්.ආර්.ඩබ් සොයිසා මහතා ජ්‍යෙෂ්ඨ උපසභාපති වරයා වශයෙන් පත්කර ගන්නා ලදි. ක්‍රීඩා සමාජයේ විධායක කමිටුවට 15 දෙනෙකු තේරා ගැනුණි.

1989 දී සීදූව රද්දොළුව ක්‍රිකට් සමාජය ලෙස ඇරඹි මෙම ක්‍රිකට් සමාජය පසුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය ලෙස හැඳින් විණි. 2011 වර්ෂයේ දී පැවති මහා සභා රැස් වීමේදී සීදූව රද්දොළුව ක්‍රිකට් සමාජය ඉන් ඉදිරියට ශ්‍රී ලංකා වරාය අධිකාරී ක්‍රිකට් සාමාජය ලෙස හැඳින් වීමට තීරණය කළ අතර යම් හෙයකින් වරාය අධිකාරිය ක්‍රිකට් සමාජයෙන් ඉවත් වන්නේ 2011 වර්ෂයේ සිටි නිලධාරී මණ්ඩලයට මෙම ක්‍රිකට් සමාජය යළි භාර දෙන බවටද එහිදී දෙපාර්ශ්වය අතර එකඟතාවක් ඇති වී තිබිණි.

ඒ අනුව මේ වර්ෂයේදී ශ්‍රී ලංකා වරයා අධිකාරිය විසින් ක්‍රිකට් සමාජය යළි පෙර නිලධාරී මණ්ඩලයට පවරන ලදී. ඒ අනුව ක්‍රිකට් සමාජය මේ වසරේ සිට ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය ලෙස නව මුහුණුවරකින් කටයුතු කිරීමට නියමිතය. ඒස් කැපිටල් ක්‍රිකට් සමාජයේ නව සභාපති ආචාර්ය ප්‍රියත් වික්‍රම මහතා අදහස් දක්වමින් කියා සිටියේ නව මුහුණුවරකින් නව උද්යෝගයකින් තම කණ්ඩායම ඉදිරියට යනු දැකීම තමන්ගේ බලාපොරොත්තුව බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධ ක්‍රිකට් සමාජයක් වන ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය මෙවර ප්‍රිමියර් ලීග් තරගාවලියේ බී කොටසේ තරගවැදීමට නියමිතය. කණ්ඩායම යොහාන් ද සිල්වා විසින් මෙහෙය වන අතර ඔමේශ් විජේසිරිවර්ධන ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි.


 


අදහස් (0)

ඒස් කැපිටල් ක්‍රිකට් සමාජයේ සභාපති ධුරය ප්‍රියත් වික්‍රමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.