Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්ත අන්තර් ප්‍රාන්ත තරගාවලිය කල්යයි

එංගලන්ත අන්තර් ප්‍රාන්ත තරගාවලිය කල්යයි

editorial - 2020 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වෛරසය පැතිරයෑම හේතුවෙන් ලබන මැයි මස 28 වැනිදා දක්වා එංගලන්තයේදී සහ වේල්සයේදී වෘත්තීමය මට්ටමේ ක්‍රිකට් තරග නොපැවැත්වෙන බව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරයි. ප්‍රාන්ත ක්‍රිකට් සංගම් සහ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන්‍ගේ සංගමය සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙවර එංගලන්ත ක්‍රිකට් වාරය සති 7 කින් කල්දැමීමට එරට එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය මෙම පියවර ගෙන ති‍බේ.

එංගලන්තයේ අන්තර් ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලිය අප්‍රේල් මස 12 වැනිදා ආරම්භ  වීමට නියමිතව තිබිණ.
 
එංගලන්ත ක්‍රිකට් වාරය ආරම්භ කරමින්, පසුගිය වසරේදී අන්තර් ප්‍රාන්ත ශූරතාව දිනාගත් එසෙක්ස් ප්‍රාන්ත පිල සහ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය අතර තරගය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබිණ. එහෙත් කොරෝනා වයිරසය පැතිරීයාමේ අවදානම හේතුවෙන් එම තරගය අත්හැර දැමිණ. එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයේ සැලසුම වන්නේ ලබන ජූනි, ජූලි හෝ අගෝස්තු මාසයේදී ප්‍රාන්ත තරගාවලිය ආරම්භ කිරීමයි.
 
එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් ජූනි මස 4 වැනිදා ආරම්භ වීමට නියමිතය. එංගලන්තයේ අන්තර් ප්‍රාන්ත තරගාවලිය මෙන්ම එංගලන්ත කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර තරගාවලියද ජූනි මාසය තුළදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
 
මෙවර අන්තර් ප්‍රාන්ත තරගාවලිය නරඹන්නන් නොමැතිව පැවැත්වීම සම්බන්ධයෙන්ද එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය සලකා බලමින් සිටී.
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩ‍ලයේ ප්‍රධාන විධායක නිලධාරී ටොම් හැරිසන් මහතා කියා  සිටියේ මේ දිනවල ලැබෙමින් පවතින තොරතුරු  අනුව මෙවර තරග වාරය මැයි මස  28 වැනිදා දක්වා කල්දැමීම වැළැක්විය නෙැහැක්කක් බවයි.
 
එම ප්‍රකාශයට එ‍කඟ ‍වෙමින් වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී ටෝනි අයිරිෂ් මහතා සඳහන් කළේ මින් පෙර මුහුණු දී‍ නොමැති මෙවැනි අවස්ථාවකදී ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලු පාර්ශවයන් නිවැරදි තීරණ ගතයුතු බවයි.
 
-036

අදහස් (0)

එංගලන්ත අන්තර් ප්‍රාන්ත තරගාවලිය කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.