Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්තයට බැරිනම් අනෙක් අයටත් බෑ

එංගලන්තයට බැරිනම් අනෙක් අයටත් බෑ

editorial - 2020 මාර් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර ලබන ජූනි මස එංගලන්තයේදී පැවැත්වීමට නියමිතව තිබූ ටෙස්ට් තරගාවලිය කැරීබියන් (බටහිර ඉන්දීය) දූපත් සමූහයේදී පැවැත්වීමට සූදානම් වීම යතාර්ථවාදී නොවන විකල්පයක් බව කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානී විධායක නිලධාරී ජොනී ග්‍රේව් මහතා පවසයි.
 
තරග 3 කින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලිය ජූනි මස 4 වැනිදා ලන්ඩන්හි ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබූ නමුත් මේ දින වල පැතිරෙමින් පවතින කොරෝනා වයිරසය හේතුවෙන් තරගාවලිය පැවැත්වීම අවිනිශ්චිත තත්වයක පවතී.
 
“රටවල් දෙක අතර තරගාවලියක සත්කාරකත්වය හුවමාරු වීම සිදුවිය හැකියි. නමුත් අපට සත්කාරකත්වය සැපයිය හැකිද යන්න පිළිබඳව මම තවමත් එංගලන්තය සමඟ කිසිදු සාකච්ඡාවක් පවත්වා නැහැ.” යැයි ග්‍රේව් මහතා බී.බී.සී. පුවත් සේවයට පවසා තිබේ.
 
එංගලන්තයේ ක්‍රිකට් තරග පැවැත්වීමට නොහැකි අවස්ථාවක කොදෙව්වන්ට එසේ කළ හැකි වුවහොත් එය පුදුම සහගත සිදුවීමක් වනු ඇතැයිද ග්‍රේව් මහතා කියා සිටියේය. කෙසේ වුවත් තරගාවලිය පැවැත්වීම සඳහා කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය හැකි උපරිම වශයෙන් නම්‍යශීලී වීමට සූදානම් බවද හෙතෙම කීය.
 
“වසංගතය ගැන යතාර්ථවාදීව කිසිවක් නොදැන, එංගලන්තයට ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට නොහැකි නම් ඒකෙ තේරුම තමයි ලෝකෙ අනිත් රටවල් වලටත් ක්‍රිකට් තරග පැවැත්වීමට නොහැකි කියන එක....”

“ඒ නිසා මම හිතනවා මේක යථාර්ථවාදී නොවන විකල්පයක් කියලා” යැයිද ග්‍රේව් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
 
තරගාවලියේ කාල සටහන නැවත සකස් කිරීම සම්බන්ධයෙන් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත රැස්වීමකදී සාකච්ඡා කිරීමට සුදානමින් සිටියි.
 
එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයද මේ මාසයේ දෙවැනි සතියේදී අවලංගුකර දැමුණ අතර එය ක්‍රීඩකයන්ට හිමිවූ සහනයක් බව නායක ජෝ රූට් පැවසීය. ඊට හේතුව වූයේ ඒ වන විට ක්‍රීඩකයන් ක්‍රීඩා කිරීමට සුදුසු මානසික ඒකාග්‍රතාවයක නොසිටීමත්, සිය පවුල් සම්බන්ධයෙන් ලතැවෙමින් සිටීමත්ය.
 
එංගලන්තය සහ කොදෙව් දූපත් අතර දෙවැනි ටෙස්ට් තරගය ජූනි මස 12 වැනිදා සිය 16 වැනිදා දක්වා එජ්බැස්ටන්හිදීද, තෙවැනි තරගය ජූනි මස 25 වැනිදා සිට 29 වැනිදා දක්වා ලෝඩ්ස්හිදීද පැවැත්වීමට කටයුතු යොදා තිබිණ.
 
-036

 


අදහස් (0)

එංගලන්තයට බැරිනම් අනෙක් අයටත් බෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.