Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එල්.පී.එල්. පුහුණුවීම් 23 දා ඇරඹෙයි

එල්.පී.එල්. පුහුණුවීම් 23 දා ඇරඹෙයි

යොහාන් භාසුර - 2020 නොවැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 
හම්බන්තොටට පැමිණි ගාල්ල ග්ලැඩියේටර්ස් පිලේ සාමාජිකයකුගේ බෑගය විෂබීජ හරණය කරමින්...​
 
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියට සහභාගි වන කණ්ඩායම් ලබන 23 වැනිදා සිට සූරියවැව, මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතය. මෙම තරගාවලියට සහභාගි වන ටෙස්ට් සංචිතයට ඇතුළත් නොවන ක්‍රීඩකයන් සහ විදේශීය ක්‍රීඩකයන් 10 ක් පමණ මේ වන විට හම්බන්තොට සහ අවට හෝටල් කීපයක නේවාසිකව සිටිති.

පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ විශේෂ පුහුණු සැසියට සහභාගි වී සිටින එල්.පී.එල්. තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන් ලබන 22 වැනිදා හම්බන්තොට හෝටල්වලට පැමිණීමට නියමිතය. ටෙස්ට් සංචිතයේ ක්‍රීඩකයන් 22 දෙදෙනා අද (19) මහනුවරදී පී.සී.ආර්. පරීක්‍ෂණයකට යොමුවීමට නියමිතය.

මෙම කණ්ඩායම් පහ ‘පොකුරු’ පහක් ලෙස මෙම පුහුණුවීම් ආරම්භ කිරීමට සැළසුම් සකස්කර තිබෙන අතර මෙම කණ්ඩායම් තරගාවලිය පුරා එක ‘පොකුරක්’ ලෙස කටයුතු කරයි.

මෙම පුහුණුවීම් පිළිබඳව සූරියවැව ක්‍රීඩාංගණයේ රැදී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියකුගෙන් කළ විමසුමේදී පැවසුවේ පුහුණුවීම් විශේෂ සැළැස්මකට අනුව පැවැත්වීමට කටයුතු කර ඇති බවයි.

“මෙහිදී එක කණ්ඩායමකට තවත් කණ්ඩායමක් මුණ නොගැසෙන ලෙස පුහුණු සැලැස්මක් හදලා තියෙනවා. ඒ අනුව එක අවස්ථාවකදී මුණ ගැසෙන්නේ එක කණ්ඩායමක ක්‍රීඩකයන් සහ නිලධාරීන් පමණයි”

“පුහුණුවීම්වලට පෙර අපිට ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවක් ලැබෙනවා. ක්‍රීඩකයන් ක්‍රීඩාංගණයට ඇතුළත් කරන්නේ එම ලැයිස්තුවට අනුවයි. ක්‍රීඩකයන් සහ නිලධාරීන් හැර වෙනත් කිසිවකුට පුහුණුවීම්වලට සහභාගි වෙන්න බෑ” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සේවය කළ ‘ක්‍රීඩා භාණ්ඩ ඔසවාගෙන යන්නකු’ (බැගේජ් බෝයි) ‘කොරෝනා’ ආසාදිතයකු බවට පත්වීම එල්.පී.එල්. තරගාවලියට කිසිඳු බලපෑමක් නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය. එල්.පී.එල්. තරගාවලිය මේ මස 26 වැනිදා සිට දෙසැම්බර් මස 16 වැනිදා දක්වා සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
 

 ගාල්ල ග්ලැඩියේටර්ස් පිල නියෝජනය කරන දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය, හම්බන්තොට පැමිණි පසු ඔහුගේ ගමන් මල්ල විෂබීජහරණය කළ අවස්ථාව.

 


අදහස් (0)

එල්.පී.එල්. පුහුණුවීම් 23 දා ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.