Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එල්.පී.එල්. තරගාවලියෙන් පාකිස්තානුවෝ 3ක් ඉවත්වෙති

එල්.පී.එල්. තරගාවලියෙන් පාකිස්තානුවෝ 3ක් ඉවත්වෙති

editorial - 2020 නොවැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානු පිලේ නවසීලන්ත තරග සංචාරය හේතුවෙන් පාකිස්තානු ක්‍රීඩකයින් 3 දෙනෙකුට ද ලබන 26 වැනිදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අහිමිවි යනු ඇත. නවසීලන්ත සංචාරය සඳහා ක්‍රීඩකයින් 35 දෙනෙකුගෙන් යුත් සංචිතයක් බදාද (11) පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය විසින් නම් කළ අතර ඊට මොහොමඞ් හෆීස්, වහබ් රියාස් සහ සර්ෆ්‍රාස් අහ්මඞ් තිදෙනාම ඇතුළත් සිටිති.

සර්ෆ්‍රාස් අහ්මඞ් ගාල්ල ග්ලැඩියේටර් කණ්ඩායමටත්, වහබ් රියාස් මහනුවර ටස්කර්ස් කණ්ඩායමටත්, මොහොමඞ් හෆීස් කොළඹ කිංග්ස් කණ්ඩායම සදහාත් ක්‍රීඩා කිරීමට තෝරාගෙන තිබිණ.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව සිටින තවත් පාකිස්තානු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු වන මොහොමඞ් අමීර්, ෂොයිබ් මලික්, උස්මාන් ශින්වාරි නවසීලන්ත සංචාරය සඳහා නම්කළ පාකිස්තානු සංචිතයට ඇතුළත්ව නැත. ඒ අනුව ඔවුන්ට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව තිබේ.

නවසීලන්ත සංචාරය සඳහා නම්කර කරන ලද පාකිස්තාන ක්‍රීඩකයින් ලබන 23 වනදා නවසීලන්තය බලා පිටත්ව යාමට නියමිත අතර එහිදී ඔවුන් දින 14 ක් නිරෝධායන විය යුතුය.

මින් පෙර එංගලන්ත කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරය හේතුවෙන් ෆෆ් ඩු ප්ලෙසි, ඬේවිඞ් මිලර් සහ ඬේවිඞ් මැලන් තිදෙනාම එල්.පී.එල්. තරගාවලියෙන් ඉවත් වූහ.

 

- 2079

 


අදහස් (0)

එල්.පී.එල්. තරගාවලියෙන් පාකිස්තානුවෝ 3ක් ඉවත්වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.