Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කළුතර ක්‍රිකට් පරිපාලනයට ත්‍රිපුද්ගල කමිටුවක්

කළුතර ක්‍රිකට් පරිපාලනයට ත්‍රිපුද්ගල කමිටුවක්

යොහාන් භාසුර - 2020 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


වාර්ෂික මහ සභාව සහ නිලවරණය පැවැත්වීම ප්‍රමාද වී තිබෙන කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ පරිපාලන කටයුතු මෙහෙයවීම සඳහා කමල් ධර්මසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.

එහි සෙසු සාමාජිකයන් ලෙස පානදුර ක්‍රීඩා සමාජයේ සභාපති ජයන්ත සිල්වා සහ කළුතර නාගරික ක්‍රීඩා සමාජයේ සභාපති දීපාල් පෙරේරා යන මහත්වරු පත්කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයකු වන කමල් ධර්මසිරි මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝජිතයා ලෙසත් මෙහිදී කටයුතු කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු- පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාව කළ මෙම නිර්දේශයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබිය යුතු බවයි.

කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සාමාජික ක්‍රීඩා සමාජ 21 න් 15 ක් නිලවරණය පවත්වන ලෙස මීට මාසයකට පමණ පෙර ඉල්ලීම් කර තිබුණ ද මේ දක්වා එය ඉටුවී නැත.  

 


අදහස් (0)

කළුතර ක්‍රිකට් පරිපාලනයට ත්‍රිපුද්ගල කමිටුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.