Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කුසල් - මාලිංග විශිෂ්ටයන් අතරට

කුසල් - මාලිංග විශිෂ්ටයන් අතරට

රොෂාන් ගුණරත්න - 2020 පෙබ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝකයේ වඩාත්ම ප්‍රචලිත ක්‍රිකට් වෙබ් අඩවිය වන ‘ක්‍රික්ඉන්ෆෝ’ වෙබ් අඩවිය විසින් කරනු ලැබූ තෝරාගැනීම අනුව 2019 වසරේදී ටෙස්ට් පිතිකරුවකු කළ විශිෂ්ටතම දස්කම ලෙසින් කුසල් ජනිත් පෙරේරා දකුණු අප්‍රිකාවේදී ලබාගත් ලකුණු 153 නම්කර තිබේ. වසරේ හොඳම විස්සයි-20 පන්දු යැවීම ලෙසින් නවසීලන්ත පිලට එරෙහිව ලසිත් මාලිංග පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ලකුණු 06 කට කඩුලු 5 ක් දවාගැනීම තෝරාගනු ලැබ ඇත.

ටෙස්ට් පිතිකරුවකුගේ වසරේ හොඳම දස්කම තෝරා ගැනීමේදී කුසල් ජනිත් පෙරේරාට අමතරව එංගලන්තයේ බෙන් ස්ටෝක්ස්, ඕස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත් ඇතුළු තවත් ක්‍රීඩකයින් 6 දෙනෙකුගේ නම් යෝජනාවී තිබුණි. එහෙත් 2019 පෙබරවාරි මාසයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී නොදැවී ලකුණු 153 ක් රැස්කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යාමට කුසල් පෙරේරා සමත්වීම හුදෙක් 2019 වසර සඳහා පමණක් නොව, වසර 142 ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය පුරාම පිතිකරුවකු විසින් කරන ලද හොඳම දස්කමක් ලෙසින් සැලකේ.

නවසීලන්තයට එරෙහිව පල්ලේකැලේහිදී පැවැති තෙවැනි විස්සයි20 තරගයේදී නිලකුණු ඕවරයක්ද සමගින් සිය ඕවර 4 ලකුණු 06 කට සීමා කළ ලසිත් මාලිංග කඩුලු 5 ක් දවාගනිමින් ගෙවීගිය වසරේ හොඳම විස්සයි පන්දු යැවීමේ දක්ෂතාව දැක්වීය. එම තරගයේදී පිට පිට පන්දු 4 කදී කඩුලු 4 ක් දවාගත් මාලිංග විස්සයි20 අන්තර්ජාතික තරගයක එකම ඕවරයේදී පිට පිටම යැවූ පන්දු 4 කින් කඩුලු 4 ක් දවාගත් පළමු පන්දු යවන්නා ලෙසින් වාර්තා පොත් අතරට එක්විය. එක්දින සහ විස්සයි20 තරග ඉතිහාසයේ පන්දු 4 කදී කඩුලු 4 බැගින් දවාගත් පළමු සහ එක්ම පන්දු යවන්නා ලෙසද ලසිත් මාලිංග වාර්තා පොත් අතරට එක්වී සිටී.

බෙන් ස්ටෝක්ස් ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේදී නොදැවී ලකුණු 84 ක් ලබාගනිමින් එක්දින ලෝක කුසලාන එංගලන්තයට දිනාදීම 2019 දී එක්දින පිතිකරුවකු කළ හොඳම දස්කම ලෙසින් අගැයීමට පාත්‍ර විය. එංගලන්තයට එරෙහිව බ්‍රිජ්ටවුන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 17 කට කඩුලු 5 ක් දවාගත් කෙමාර් රෝච්ගේ පන්දු යැවීම ගෙවීගිය වසරේ දක්ෂතම ටෙස්ට් පන්දු යැවීමට විය.

ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 37 කට කඩුලු 3 ක් දවාගනිමින් අවසන් තරගය සඳහා නවසීලන්ත ගෙන යෑමට දායක වූ මැතිව් හෙන්රිගේ දස්කම් වසරේ හොඳම එක්දින පන්දු යැවීම විය.

ඉන්දියාවට එරෙහිව බෙන්ගලාරුහිදී පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී ග්ලෙන් මැක්ස්වෙල් නොදැවී ලබාගත් ලකුණු 113 ක් ගෙවිගිය වසරේ හොඳම විස්සයි-20 පිතිහරඹය ලෙස සම්මානයට පාත්‍ර විය. 2018 වසරේදීද විස්සයි20 හොඳම දස්කම කළ පිතිකරුවා වූ මැක්ස්වෙල්ගේ ඉනිමක් මෙම සම්මානය සඳහා තේරී පත්වූ දෙවැනි අවස්ථාව මෙයයි.

ලොවට ක්‍රිකට් හදුන්වා දුන්නද වසර 44 කට පසුව ක්‍රිකට් ලෝක කුසලානය එංගලන්තයට දිනා දුන් ඔයින් මෝගන් 2019 වසරේ නායකයාට ලෙසින් සම්මානයට පාත්‍ර විය.

සම්මාන ලැයිස්තුව

■වසරේ හොඳම ටෙස්ට් පිතිකරු දක්ෂතාව - කුසල් පෙරේරා (ශ්‍රී ලංකාව)

■වසරේ හොඳම ටෙස්ට් පන්දු යැවීමේ දක්ෂතාව - කෙමාර් රෝච් (බටහිර ඉන්දීය කොදෙව්)

■වසරේ හොඳම එක්දින පිතිකරු දක්ෂතාව - බෙන් ස්ටෝක්ස් (එංගලන්තය)

■වසරේ හොඳම එක්දින පන්දු යැවීමේ දක්ෂතාව - මැතිව් හෙන්රි (නවසීලන්තය)

■වසරේ හොඳම විස්සයි-20 පිතිකරු දක්ෂතාව - ග්ලෙන් මැක්ස්වෙල් (ඕස්ටේ්‍රලියාව)

■වසරේ හොඳම විස්සයි-20 පන්දු යැවීමේ දක්ෂතාව - ලසිත් මාලිංග (ශ්‍රී ලංකාව)

■වසරේ හොඳම නායකයා - ඔයින් මෝගන් (එංගලන්තය)

■වසරේ හොඳම කෝඩුකාරයා - ජොෆ්රා ආචර් (එංගලන්තය)

■වසරේ හොඳම පිතිකාරිණය දක්ෂතාව - මෙග් ලැනින් (ඕස්ටේ්‍රලියාව)

■වසරේ හොඳම පන්දු යවන්නියගේ දක්ෂතාව - එලීසා පෙරී (ඕස්ටේ්‍රලියාව)

■ටෙස්ට් වරම් නොමැති රටවල් අතර වසරේ හොඳම පිතිකරු දක්ෂතාව - ජෝර්ජ් මන්සි (ස්කොට්ලන්තය)

■ටෙස්ට් වරම් නොමැති රටවල් අතර වසරේ හොඳම පන්දු යැවීමේ දක්ෂතාව - බිලාල් ඛාන් (හොං කොං)

 

 


අදහස් (0)

කුසල් - මාලිංග විශිෂ්ටයන් අතරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.