Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රිකට් අනුග්‍රහයෙන් කොටසක් ඉන්දියාවට

ක්‍රිකට් අනුග්‍රහයෙන් කොටසක් ඉන්දියාවට

යොහාන් භාසුර - 2020 ජුලි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම විදේශයන්හිදී සහභාගි වන තරග සංචාරවලදී  ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල අනුග්‍රහකත්වය ඉන්දීය සමාගමකට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද (27) පස්වරුවේ පැවැත්වෙන විධායක කමිටු රැස්වීමේදී මෙම අනුග්‍රහය පිළිබඳව වැඩි දුරටත් සාකච්ඡා කිරීමට නියමිතය.  

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේදී සහභාගි වන තරග සංචාරවලදී  ‘ඩයලොග් ආසියාටා’ සමාගම නිල අනුග්‍රහකයා ලෙස වසර තුනක කාලයක් සඳහා ගිවිසුමට එළඹීමට නියමිතය. ‘ඩයලොග්’ සමාගම පසුගිය වසර මුල අනුග්‍රහකත්වයෙන් ඉවත්වීමෙන් පසුව ඉන්දීය සමාගමක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල අනුග්‍රහකයා ලෙස කටයුතු කළේය.   

“ඩයලොග් සමාගම විදේශ තරගවල අනුග්‍රහය ලබාගැනීමට එතරම් උනන්දුවක් නෑ. විදේශ තරග සඳහා හොඳ මුදලකට ඉන්දීය සමාගමක් ඉදිරිපත් වෙලා ඉන්නවා. අපි ඒ පිළිබඳව සාකච්ඡා කරනවා” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රහකත්වය දේශීය සහ විදේශීය ලෙස කොටස් දෙකකට වෙන්කර ඉදිරිපත් කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වැඩි ආදායමක් උපයාගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අපේක්‍ෂාවයි.

 

 


අදහස් (0)

ක්‍රිකට් අනුග්‍රහයෙන් කොටසක් ඉන්දියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.