Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොන්වේ - සෝධී නවසීලන්තයට ජය ගෙනෙති

කොන්වේ - සෝධී නවසීලන්තයට ජය ගෙනෙති

editorial - 2021 පෙබ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩෙවෝන් කොන්වේගේ (නොදැවී 99) වේගවත් පිතිහරඹයත්, ඉෂ් සෝධීගේ (28/4) දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් ඕස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රිස්චර්ච්හිදි අද (22 වැනිදා) පැවැති පළමු විස්සයි20 තරගය ලකුණු 53 ක් කින් ජයගැනීමට නවසීලන්තය සමත්විය. ඒ අනුව තරග 5 කින් සමන්විත විස්සයි20 තරගාවලියේදී 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද නවසීලන්තයට හැකිවිය.

කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදීම සඳහා නවසීලන්තයට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේදී කඩුලු 5 ක් පමණක් දැවී ලකුණු 184 ක් රැස්කිරීමට ඔව්හු සමත්වූහ.

වේගවත් පිතිහරඹයක නිරතවූ ඩෙවෝන් කොන්වේ පන්දු 59 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 10 ක් සමගින් ලකුණු නොදැවී ලකුණු 99 ක් ලබාගැනීමට සමත්විය. අර්ධ ශතකය පන්දු 36 කදී වාර්තා කළ කොන්වේට ශතකය ලබාගැනීම සඳහා අවසන් පන්දුවේදී ලකුණු 2 ක් අවශ්‍ය වුවද ඔහුට ලබාගැනීමට හැකිවූයේ එක් ලකුණක් පමණි.

ග්ලෙන් ෆිලිප්ස් පන්දු 20 කදී හයේ පහර 3 ක් සමගින් ලකුණු 30 ක් ලබාගත් අතර ජේම්ස් නීෂාම් පන්දු 15 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 26 ක් ලබාගත්තේය.

ජේ රිචඩ්සන් සහ ඩැනියෙල් සෑම්ස් කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 185 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියාවට ඕවර 17.3 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 131 ක් පමණි. විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවූ ඉෂ් සෝධී සිය ඕවර 4 ලකුණු 28 කට සිමාකරමින් කඩුලු 4 ක් දවාගැනීමට සමත්විය. ටිම් සෝතී සහ ටේ‍රන්ට් බෝල්ට් කඩුලු 2 බැගින් දවාගනිමින් නවසීලන්තට ජයග්‍රහණය ගෙන ඒමට දායක වූහ.

මිචෙල් මාෂ් පන්දු 33 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 45 ක් රැස්කළ අතර ඇෂ්ටන් ආගර් පන්දු 13 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 23 ක් රැස්කිරීමට සමත්විය.


නවසීලන්තය - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 184
(ඩෙවෝන් කොන්වේ නොදැවී 99, ග්ලෙන් ෆිලිප්ස් 30, ජේම්ස් නීෂාම් 26, ජේ රිචඩ්සන් 31/2, ඩැනියෙල් සෑම්ස් 40/2)

ඕස්ට්‍රේලියාව - ඕවර 17.3 කදී සියලුදෙනා දැවී 131
(මිචෙල් මාෂ් 45, ඇෂ්ටන් ආගර් 23, ඉෂ් සෝධී 28/4, ටිම් සෝතී 10/2, ටේ‍රන්ට් බෝල්ට් 22/2)

- 2079


අදහස් (0)

කොන්වේ - සෝධී නවසීලන්තයට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.