Last Update  :  2024-03-29 20:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොදෙව්වෝ 3-0 කින් අයර්ලන්තය පරදවති

කොදෙව්වෝ 3-0 කින් අයර්ලන්තය පරදවති

editorial - 2020 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ (13 වැනිදා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. එම ජයත් සමග දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමටද කොදෙව්වෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 203 ක ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 5 ක් දැවී ලකුණු 199 ක් ලබා සිටියේය. එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ ආරම්භක පිතිකරු එවින් ලුවිස් පන්දු 97 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 102 ක් රැස්කරමින් තරගයේ වීරයා බවට පත් විය.

බ්‍රෙන්ඩන් කිං (38) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 81 කදී ලකුණු 75 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ලුවිස්, ඉන් නොනැවතී නිකලස් පූරන් (නොදැවී 43) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 74 කදී ලකුණු 63 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. බ්‍රෙන්ඩන් හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගද, නිකලස් හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගද ලකුණු රැස්කළහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම ඕවර 49.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 203 ක් රැස්කළ අතර එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ඩෘ බැල්බර්නි පන්දු 93 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 71 ක් රැස්කළේය. ඉනිමේ අවසන් අවසන් ඕවර කිහිපයේදී පන්දු 22 කට මුහුණදුන් ඇන්ඩි මැක්බි්‍රන් නොදැවී ලකුණු 25 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගිනි.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ හේඞ්න් වෝල්ෂ් ලකුණු 36 කට කඩුලු 4 ක් දවාගත්තේ අයර්ලන්ත කණ්ඩායමේ සාර්ථකම පිතිකරුවා බවට පත් වූ බැල්බර්නිගේ කඩුල්ලද සමගිනි. අයර්ලන්ත සුනුවිසුණු කර දැමීම කිරීම සඳහා වෝල්ෂ්ට අනගි සහායක් දුන් ඔෂේන් තෝමස් ලකුණු 41 කට කඩුලු 3 ක්ද, රොස්ටන් චේස් ලකුණු 53 කට කඩුලු 2 ක්ද බිඳහෙළුහ.

අයර්ලන්ත පිල - ඕවර 49.1 කදී සියලු දෙනා දැවී 203
(ජේම්ස් මැකලම් 20, ඇන්ඩෘ බැල්බර්නි 71, කෙවින් ඕ’බ්‍රයන් 21, ලෝකන් ටකර් 16, ඇන්ඩි මැක්බි්‍රන් නොදැවී 25, හේඞ්න් වෝල්ෂ් 36/4, ඔෂේන් තෝමස් 41/3, රොස්ටන් චේස් 53/2)

බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 36.2 කදී කඩුලු 5 ක් දැවී 199
(එවින් ලුවිස් 102, බ්‍රෙන්ඩන් කිං 38, නිකලස් පූරන් නොදැවී 43, ඇන්ඩි මැක්බි්‍රන් 50/2)

-036


අදහස් (0)

කොදෙව්වෝ 3-0 කින් අයර්ලන්තය පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.