Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොදෙව්වෝ කඩුලු 7 ක ජයක් ලබති

කොදෙව්වෝ කඩුලු 7 ක ජයක් ලබති

editorial - 2019 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇෆ්ඝනිස්තානයට එරෙහිව ලක්නව්හිදී පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 195 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් ක්‍රීඩකයෝ ඕවර 46.3 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.

මුලු ලකුණු සංඛ්‍යාව 25 ක් වන විට කඩුලු 2 ක් බිඳ වැටුණද, තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 217 කදී ලකුණු 163 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ආරම්භක පිතිකරු ශායි හෝප් (නොදැවී 77) සහ රොස්ටන් චේස් (94) කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

එහිදී පන්දු 133 කට මුහුණදුන් හෝප්ගේ අර්ධ ශතකයට හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 115 කදී වාර්තා වූ චේස්ගේ අර්ධ ශතකය හතරේ පහර 11 කින් සමන්විත විය. මුජීබුර් රහමන්ගේ පන්දුවක් කඩුල්ලේ දැවටීමෙන් චේස් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට ඕවර 45.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 194 ක් පමණි. ඇෆ්ඝනිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ රාමට් ෂා පන්දු 80 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග රැස්කළ ලකුණු සංඛ්‍යාව 61 කි.

ඉක්‍රම් අලි ඛිල් (58) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 124 කදී ලකුණු 111 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ෂා සමත් වූ අතර පන්දු 62 කට මුහුණදුන් ඉක්‍රම් එහිදී ලකුණු 58 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගිනි. දුවද්දී දැවී යෑමකට හසුවන විට අස්ගර් ඇෆ්ඝන් පන්දු 52 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 35 ක් ලබා සිටියේය.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ ජේසන් හෝල්ඩර්, රොස්ටන් චේස් සහ රොමාරියෝ ෂෙපඞ් කඩුලු 2 බැගින් දවාගනිමින් ඇෆ්ඝනිස්තාන ඉනිම අඩපණ කළහ.

ඇෆ්ඝනිස්තාන පිල - ඕවර 45.2 සියලු දෙනා දැවී 194
(රාමට් ෂා 61, ඉක්‍රම් අලි ඛිල් 58, අස්ගර් ඇෆ්ඝන් 35, ගුලාබ්දීන් නයිබ් 17, ජේසන් හෝල්ඩර් 21/2, රොස්ටන් චේස් 31/2, රොමාරියෝ ෂෙපඞ් 32/2)

බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 46.3 කඩුලු 3 ක් දැවී 197
(ශායි හෝප් නොදැවී 77, රොස්ටන් චේස් 94, මුජිබුර් රහමන් 33/2)

- 036


අදහස් (0)

කොදෙව්වෝ කඩුලු 7 ක ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.