Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රාජස්තාන්හි තීරණ ගැනීමේ බලය සංගාට

රාජස්තාන්හි තීරණ ගැනීමේ බලය සංගාට

editorial - 2021 පෙබ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අයි.පී.එල්. තරගාවලියට සහභාගි වන රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රතිව්‍යුහගත කරන ලද පුහුණු කාර්යමණ්ඩලයේ ‘තීරණ ගන්නා තැනැත්තා‘ ලෙස කුමාර් සංගක්කාර මහතා පත්කළ බව රාජස්තාන් රෝයල්ස් පාලනාධිකාරිය නිවේදනය කරයි.

මෙතෙක් කලක් රාජස්තාන් පිලේ පුහුණුකරුවා වශයෙන් කටයුතු කළ ඇන්ඩෲ මැක්ඩොනල්ඩ් මහතා සේවයෙන් ඉවත්ව යන අතර රාජස්තාන් පිලේ සහාය පුහුණුකරුවා වශයෙන් ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේත් හිටපු පන්දු රැකීමේ පුහුණුකරු ටේ‍රවර් පෙනී මහතා පත්කර තිබේ. ටේ‍රවර් පෙනී මහතා ප්‍රධාන සහකාර පුහුණුකරු ලෙස පත් කිරීමත් සමඟ ඇන්ඩෘ මැක්ඩොනල්ඩ් මහතා ඉවත් වීමට  තීරණයකර තිබේ.

“ රාජස්ථාන් රෝයල්ස් ක්‍රිකට් අධ්‍යක්ෂ කුමාර් සංගක්කාර, නායක සංජු සැම්සන් සහ පුහුණුකරුවන්ගෙන් සමන්විත කණ්ඩායම සමඟ ටේ‍රවර් පෙනී සමීපව කටයුතු කරනු ඇත”
“දඟ පන්දු යවන පුහුණුකරු සයිරාජ් බහතුල්, වේග පන්දු යවන පුහුණුකරු රොබ් අසීල් සහ පන්දු රැකීමේ පුහුණුකරු දිශාන්ත් යග්නික් සමඟින් මෙන්ම ජාත්‍යන්තර ජේෂ්ඨ ක්‍රීඩකයින් වන බෙන් ස්ටොක්ස් සහ ජොස් බට්ලර් වැන්නන් සමීපව කටයුතු කරනු ඇත”
“උපායමාර්ග, සංවර්ධනය සහ කාර්යසාධනය අධ්‍යක්‍ෂවරයා වන සූබින් බාරුචා මෙම කණ්ඩායමේ ඉතාමත් වැදගත් තැනැත්තෙකු වන අතර ඔහුගේ කාර්යභාරය වනුයේ පුහුණු කාර්යමණ්ඩලයේ ‘තීරණ ගැනීමේ තැනැත්තා‘ වන සංගක්කාර මහතාව දැනුවත් කිරීමයි” යයි ද රාජස්ථාන් රෝයල්ස් පිලේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජේක් ලුෂ් මැක්‍රම් පැවසීය.

ඇන්ඩෘ මැක්ඩොනල්ඩ් මහතා අයි.පී.එල්. තරගාවලියට පිවිසියේ පුහුණුකරුවකු වශයෙන් සාර්ථක වාර්තාවක් ඇතිව වුවත්, හිටපු ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් ක්‍රීඩකයාට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සාර්ථකත්වය කරා කැඳවාගෙන යා නොහැකි විය. පසුගිය වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැති අයි.පී.එල් තරගාවලියේදී රාජස්ථාන් රෝයල්ස් පිල අවසන් ස්ථානයට ඇද වැටිණ.

“ටේ‍රවර් පෙනී රාජස්ථාන් රෝයල්ස් වෙත පැමිණීම ඉතාමත් ආකර්ශනීය සිදුවීමක්. ඔහු ඉතා පළපුරුදු තැනැත්තෙකු වගේම ක්‍රීඩාව හොඳින් වටහාගෙන ඇති අයෙක්. ඔහුගේ දායකත්වය ක්‍රීඩකයන්ගේ සහ සංචිතයේ සමස්ත වර්ධනයට දායක වනු ඇතැයි මට විශ්වාසයි” යයි පැවසූ කුමාර් සංගක්කාර මහතා....

“ටේ‍රවර්ගේ පත්වීම අපව නිවැරදි මාවතකට යොමු කරනු ඇති බවට විශ්වාසයක් අපට තියෙනවා” යැයි මෙම පත්වීම පිළිබඳව අදහස් දක්වමින් සංගක්කාර මහතා වැඩිදුරටත් පැවසුවේය.

මේ වසරේ අයි.පී.එල්. තරගාවලියට පෙර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විශාල වෙනස්කම් කර තිබේ. ක්‍රීඩක වෙන්දේසියට පෙරම ස්ටීවන් ස්මිත් නිදහස් කළ රාජස්තාන් බලධාරීහු සංජු සැම්සන් නායකයා ලෙස පත් කළහ. දකුණු අප්‍රිකානු ක්‍රීඩක ක්‍රිස් මොරිස් වෙනුවෙන් විශාල මුදලක් වියදම් කළ රාජස්තාන් හිමිකරුවෝ ශිවම් ඩුබේ, මුස්තාෆිසුර් රහ්මාන් සහ චෙතන් සකරියා වෙනුවෙන් ද බුද්ධිමත් පියවර කිහිපයක් ගෙන තිබේ.


රාජස්ථාන් රෝයල්ස්  කණ්ඩායමේ රඳවාගත් ක්‍රීඩකයෝ
සංජු සැම්සන්, බෙන් ස්ටෝක්ස්, ජෝෆ්රා ආචර්, ජොස් බට්ලර්, මහිපාල් ලොම්රෝර්, මමන් වෝරා, මයන්ක් මර්කන්ඩේ, රාහුල් තේවටියා, රියාන් පරාග්, ශ්‍රීයාම් ගෝපාල්, රොබින් උතප්පා, ජයදේව් උනද්කට්, යශස්වී ජයිස්වාල්, අනුජ් රාවට්, කාර්තික් ත්‍යාගි, ඩේවිඩ් මිලර් සහ ඇන්ඩෘ ටේ.


මෙවර වෙන්දේසියෙන් මිලදී ගත් ක්‍රීඩකයෝ
ක්‍රිස් මොරිස් (ඉන්දීය රුපියල් කෝටී 16.25), ශිවම් ඩුබේ (ඉන්දීය රුපියල් කෝටී 4.4), මුස්ටෆිසූර් රහෙමාන් (ඉන්දීය රුපියල් කෝටී 1), චේතන් සකාරියා (ඉන්දීය රුපියල් කෝටී 1.20), කේ.සී කරිඅප්පා (ඉන්දීය රුපියල් ලක්ෂ 20), ලයම් ලිවිංග්ස්ටන් (ඉන්දීය රුපියල් ලක්ෂ 75), කුල්දීප් යාදව් (ඉන්දීය රුපියල් ලක්ෂ 20), ආකාෂ් සිං (ඉන්දීය රුපියල් ලක්ෂ 20)


- 2079

 


අදහස් (0)

රාජස්තාන්හි තීරණ ගැනීමේ බලය සංගාට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.